•  
    •  
      හැදින්වීම

      යුධ මෙහෙයුම් වල මුලික සාධකය නම් වේිගයයි. සතුරා සුදානම්න් නොසිටින අවස්ථාවන්හි දී ඉන් ප්‍රයෝඡනය ගැනීම අනපේක්ෂිතව සතුරාට ලගා වී ඔහුගේ අනාරක්ෂිතව සිටින අවස්ථාව බලා පහරදීම යන කරුණු මෙහි දී වැදගත් වේ. න්‍යායාත්මකව හෝ ප්‍රායෝගිකව ගත් කල වි‍ශේෂ බලඝනයන් යනු ගොඩබිමින්, මුහුදෙන් හෝ ගුවනින් මෙහෙයුම් සඳහා දායක වන සුවිශේෂ මෙහෙයුම් හැකියාවන්ගෙන් සමන්විත කණ්ඩායමකි. ඔවුන්ගේ සංග්‍රාමික හැකියාව පිළිබඳව සලකා බැලීමේදී ඔවුන්ට සතුරාගේ සටන් හැකියාව හීන කොට, එය ආරක්ෂාකාරී උපායමාර්ග ගැනීම දක්වා වු මට්ටමකට පත් කිරීමේ හැකියාවකින් සමන්විතය.

      වි‍ශේෂ බලඝනයන් සතු රහසිගතව මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ සුවිශේෂි හැකියාව හේතුවෙන්, සතුරා බලාපොරොත්තු නොවු ප්‍රහාරයන් දියත් කරමින්, ඔවුන්ගේ සටන් හැකියාව අඩපණ කිරීමේ හැකියාව ඇත.මෙමගින් සාමාන්‍ය බලඝනයන් වෙත මෙහෙයුම් කටයුතු පහසුවෙන් කරගෙන යෑමේ අවස්ථාව උදාවේ.බෙදුම්වාදී කොටි ත්‍රස්ථවාදී සමග ගැටුම් ඇතිකරගත් මුල් අවස්ථාවේ දී විශේෂ මෙහෙයුම් දියත් කිරීමේ අවශ්‍යතාවය නාවික හමුදාව විසින් හදුනා ගන්නා ලදි .

    •  
      අතීතය සහ පසුබිම

      නාවික හමුදා ප්‍රහාර හමුවේ LTTE සාමාඡිකයින් ප්‍රදර්ශණය කළ ප්‍රතිරෝධය සහ විවිධ අසම්මතික උපාය මාර්ග හමුවේ, එම කටයුතු මැඩපැවැත්වීම සඳහා විශේෂ පුහුණූව ලැබු කණ්ඩායමක අවශ්‍යතාවය සහ එවැනි කණ්ඩායමකින් සමන්විත වීමේ වටිනාකම ගැටුම් ආරම්භ වු මුලික අවදියේදීම නාවික හමුදාවට අවබෝධ විය. නිසි පරිදි සංවිධානය නොවුවත් LTTE සංවිධානය සමග ගැටුම් පැවති මුල් අවධියේ පටන්ම ස්වකීය කැමැත්තෙන්ම සතුරාගේ අභිමුඛටම ගොස් පහර දීමේ කැමැත්තෙන් සිටි නිළධාරීන් සහ නාවිකයින් නාවික හමුදාව සතු වේ. ඔවුන් අතරින් ලුතිනන් කොමාණ්ඩර් ශාන්ති බහාර් තුමන් විශේෂ පුහුණුව ලැබු කණ්ඩායමේ පුරෝගාමියකු වශයෙන් සඳහන් කල හැකිය. ඔහුගේ කණ්ඩායම සමග ත්‍රිකුණාමලය ප්‍රදේශයේ LTTE සාමාඡිකයින් සැගවී සිටි ලදු කැලෑ පීරමින් ප්‍රහාර දියත් කරන ලදි. නමුත් සටනේදී සිදු වු ඔහුගේ අකල් මරණය හේතුවෙන් නාවික හමුදාවට ආවේනික විශේෂ බළකායක් පිහිටුවීමේ කටයුතු වසර කිහිපයකින් ප්‍රමාද වන ලදි.

      LTTE සංවිධානය ගරිල්ලා සංවිධානයක සිට අර්ධ සාම්ප්‍රදායික හමුදාවක තත්වයට ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් පැවතිණි. LTTE සංවිධානය සහ එහි, යුධ යාන්ත්‍රනය සම්පුර්ණ වශයෙන්ම පාහේ මුහුදු කොටි බළකාය මත රදා පැවතිණි. ප්‍රථමයෙන්ම එය නාවික හමුදා ප්‍රති‍රෝධයන් හමුවේ වුවද ඈත මුහුදේ සිදු කරනු ලබන සැපයුම් කටයුතු පවත්වාගෙන යාමට සමත් විය. දෙවනුවට LTTE සංවධානය නොරිස්සුම් සහගත ක්‍රියාකාරකම් හේතුවෙන් නාවික හමුදාවට යාපනය අර්ධද්වීපය සාධක කර ගනිමින් සිය සම්පත් ස්ථානගත කිරීමට සිදු විය.‍තෙවන වශයෙන් මරාගෙන මැරෙන බෝට්ටු කිමිදුම් කරුවන්,බිම්බෝම්බ ආදිය භාවිතා කරමින් අසම්මත යුධ කටයුතු වල නිරතවීම් ආරම්භ කෙරුනි.

      මීට අමතරව කළපු සහ වෙරළ ආශ්‍රිත ප්‍රහාරයන්ද ඔවුන් විසින් දියත් කරන ලදි.විශේෂ යාත්‍රා බලඝණය 1993 ඡනවාරි 18 වන දින නිළ වශයෙන් කරෛයිනගර් පිහිටි ශ්‍රිලංනානෞ එළාර හි දී ආරම්භ කරන ලදි.1990 මුල භාගය වන විට යාපන අර්ධද්වීපයේ ප්‍රධානතම නාවික කඳවුර වූයේ ශ්‍රීලංනානෞ එළාර කඳවුරයි.ඉතා ඉක්මනින් උපත ලැබීමට පෙරුම් පුරමින් සිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙම සුවිශේෂි බලකායට ස්ව කැමැත්තෙන් එක්වීම සඳහා අවස්ථාවක් ලැබෙන තුරු නොඉවසිල්ලෙන් සිටි නිලධාරීන් දෙදෙනෙකු නායක නැවි තරා තිරමේ නැවියන් කීපදෙනෙකු සහ ආධුනික නැවියන් ගෙන් සමන් විත 76 දෙනෙකුගේ කණ්ඩායමක් සූදානමින් සිටියහ. කෙසේ වෙතත් අති දූෂ්කර පාඨමාලාවක් හැදැරීමට සිදූ වීම හේතුවෙන් ඉහල දරාගැනීමේ ශක්තියක් සහිත කණ්ඩායමක් නිර්මාණය කරමින් අනෙක් පිරිස පුහුණුව හැර ගියහ අවසානයේ නිලධාරින් දෙදෙනෙකු සහ නැවියන් 25 දෙනෙකු ගෙන් සමන් විත පිරිසක් එවකට ලුතිනන් කොමාණ්ඩර් වරයෙකු වශයෙන් කටයුතු කල ආර්සී වි‍‍‍‍ජේගුණරත්න නිලධාරි වරයාගේ නායක්වය යටතේ ප්‍රථම වරට නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝනයක් පිහිටුවන ලදී. ඉතා ඉක්මනින් මෙම බලඝනය රහසිගත සහ එලිමහන් ‍‍ මෙහෙයුම් සඳහා එකසේ සමත්කම් දක්වන ඒකකයක් බවට පරිවර්ථනය විය. දූෂ්කර පුහුණුවක් ,වර්ධනය කරගත් හැකියාවන්ගෙනුත් සම්පන්න මෙම වි‍ශේෂ බලඝනය දියේහි සිට දියතරණය කර රහසිගත මෙහෙයුම් හා ගුවනින් ගොස් ඈත සතුරු පාලන ප්‍රදේශවලට ගොඩබැස කරන මෙහෙයුම් සඳහා එකසේ සමත්කම් දක්වන ලදී.

      මෙසේ දියත් කල මෙහෙයුම් අතර, ජල තරන මෙහෙයුම් වලදී සිදූ කරන ලද ක්ෂණික පහරදිම් ‍සහ සතුරා සමීපවෙමින් කුඩා යාත්‍රා මගින් දියත් කල මෙහෙයුම් විශේෂයෙන් සඳහන් කල හැකිය. විශේෂ යාත්‍රා බලඝනයේ සූදානම පිලිබඳව ප්‍රථම පරීක්ෂණය ඔවුන්ගේ පුහුණුව අවසානයට ප්‍රථමයෙන් සිදු කිරීමට මගපෑදුණි. ඒ අනුව වටලා තිබූ පුනරීන් කඳවුරට අවශ්‍ය ශක්තිය සැපයීමේ වගකීම ඔවුන්ට පැවරුණි.සාම්පූර් ජල තරන මෙහෙයුම, විශේෂ යාත්‍රා බලඝනය, වෙරළ ආරක්ෂක යාත්‍රා සහ ඩිංගි යාත්‍රා වල ඒකාබද්ධ වෙමින් ක්‍රියාත්මක කරන ලදී. ඔවුන් සතුරු ප්‍රහාර හමුවේ ප්‍රථිකාර මාලාවක් දියත් කරමින් එයට සාර්ථකව මුහුණ‍‍දෙන ලදී.


      කුඩා ඒකකයක් වශයෙන් ආරම්භ වී වැදගත් ජයග්‍රහණ රැසක් අත්පත්කර ගැනීමට විශේෂ යාත්‍රා බලඝනය සමත්විය. එසේම, ඒකකය සතු වූ යුධ ආරම්භවී වැදගත් ජයග්‍රහන රැසක් අත්පත්කර ගැනීමට විශේෂ යාත්‍රා බලඝනය සමත්විය. එසේම ඒකකය සතු වූ යුධ ශක්තිය සහ වේගවත් ඇ‍රෝ යාත්‍රා පංතිය LTTE සංවිධානයේ ඉරණම ඉතා ඉක්මනින් තීරණය කිරීමට බොහෝ සෙයින් ඉවහල් විය.

    •  
      පාලනය සහ කාර්ය පැවරීම

      විශේෂ යාත්‍රා බලඝන‍‍යේ කාර්ය භාර්ය, නාවික හමුදා මූලස්ථානයෙන් අධ්‍යක්‍ෂ ‍‍ජෙනරාල් මෙහෙයුම් යටතේ සිදු කරනු ලබයි . එම බලඝනයේ නාවික පිරිස් ස්ථානගත කිරීම ඔහුගේ සෘජු අධීක්‍ෂණය යටතේ මෙහෙයුම් අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් තීරණය කරනු ලැබේ. මීට අමතරව අධ්‍යක්‍ෂ සාගරික බලතල සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක සාගරික බලතල විසින්, මෙහෙයුම් සහ පුහුණු කටයුතු සඳහා අවශ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් වෙත ලබා දේ.

    •  
      කාර්ය සහ කර්තව්‍ය

      විශේෂ යාත්‍රා බලඝන‍‍යේ විශේෂිත වූ කාර්යන් මෙසේ දැක්විය හැකිය.

      * භූ ජල තරණ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෙරළ තීරයේ ආරක්‍ෂාව තහවුරු කර දීම.
      * වෙරළ පිරික්සුම.
      * සතුරු, ආධිපත්‍ය යටතේ පවතින අධි අවධානම් වෙරළ බඩ ප්‍රදේශයන්හි බුද්ධි තොරතුරු රැස් කිරීම.
      * සතුරු, ආධිපත්‍ය යටතේ පවතින ප්‍රදේශවල රහසි ගත මෙහෙයුම් දියත් කරමින් සතුරු සාමාජිකයන් ඔවුන්ගේ යාත්‍රා සහ ගොඩනැගිලි විනාශ කිරීමට කටයුතු කිරීම.
      * බිම් බෝම්බ ස්ථානගත කිරීම, පුපුරුවා හැරීම සහ බාධාකාරී බිම් බෝම්බ ඉවත් කිරීම.
      * ත්‍රස්ථ අත්අඩංගුවට ගත් නෞකා මුදා ගැනීම, ප්‍රාණඇපකරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම.
      * වෙරළ ආශිතව සහ ජාත්‍යන්තර මුහුදේදී කුඩා යාත්‍රා මෙහෙයුම් දියත් කිරීම.
      * රට අභ්‍යන්තරයෙහි දිගුදුර පිරික්සුම් මුර සංචාර සිදු කිරීම.
      * කිමිදුම් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම.
      * ප්‍රාණඇපකරුවන් මුදා ගැනීම සහ ත්‍රස්ථ මර්ධන මෙහෙයුම් සදහා ආරක්‍ෂාව සැපයීම.
    •  
      විශේෂ යාත්‍රා බලඝන‍‍යේ නිල ලාංජන
      * හිස් තුනක් සහිත නාග රූපයක් මෙම බලඝනයේ ගොඩබ්ම් ආරක්‍ෂාව නිරූපණය කෙරේ.
      * මැඩියෙකුගේ පාද යුගලයෙන් එහි දියයට මෙහෙයුම් හැකියාව නිරෑපනය කෙරේ.
      * වවුල් පියාපත් වලින් දැක්වෙන්නේ රහසිගත බව, ගුවනින් මෙහෙයුම් හැකියාව සහ ක්‍රියාත්මක වීමේ හැකියාවයයි.
  •  
    •  
      හැදින්වීම

      කුඩා බෝට්ටු යොදා ගනිමින් වෙරළ ආශ්‍රිත මෙහෙයුම් භූ ජලතරණ මෙහෙයුම් සහ ගංගා ආශ්‍රීත ක්‍රියාකාරකම් සිදු කිරීමේ විශේෂ හැකියාවන් ක්‍ෂණික විහිදුම් ක්‍රියාකාරී යාත්‍රා බලඝනය සතු වේ.ඉහල වෙඩි බලයක් ,අධික වේගයක් සහ ඉහල ක්‍රියාකාරීත්වයකින් යුතු INSHORE PAROL CRAFT සහ ඇරෝ බෝට්ටු වලින් මෙම බලඝනය සමන්විත වේ.


      1984 වර්ෂයේදී, LTTE මුහුදු කොටි බලකාය පිහිටු වීමත් සමගම ඔවුන් සිය ගරිල්ලා සාමාජිකයින් දකුණු ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රිලංකාවේ උතුරු ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සඳහා කුඩා බෝට්ටු යොදා ගන්නා ලදී.පසු කාලීනව LTTE මුහුදු කොටීන් විසින් වඩා ‍වේගවත් යාත්‍රා යොදා ගනිමින් පෝක් සමුද්‍ර සන්ධිය හරහා විශාල වශයෙන් අවි ආයුධ රට තුලට ගෙන ඒමත් සමගම, ශ්‍රිලංකා නාවික හමුදාවට ඒ සදහා වෙනත් පිළියමක් සෙවීමට සිදුවය.එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රීලංකාව විසින් 1980 අග භාගයේ ඊග්‍රාලයෙන් වේග ප්‍රහාරක යාත්‍රා කීපයක් මිලදීගත් අතර, ඒ මුහුදු සංග්‍රාමික කටයුතු සඳහා යොදා ගන්නා ලදී.


      මෙම‍ වේග ප්‍රහාරක ‍යාත්‍රා හදුන්‍‍වා ‍දිමත් සම‍ගම, මුහුදු කො‍ටින්ට බරපතල ගැට‍‍ලු රාශියකට මුහුණු දීමට සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මුහුදු කොටි කුඩා යාත්‍රා යොදා ගනිමින් කණ්ඩායම් වශයෙන් පැමිණ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කීරීම ආරම්භ කළ අතර, එමගින් නාවික හමුදා යාත්‍රා වලට බරපතල හානි ඇති කිරීමට සමත් විය. 1993 වසරේ අගෝස්තු 29 වන දින එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරය එසේ දියත් කෙරූ ප්‍රථම ප්‍රහාරය වශයෙන් සනිටුහන් වේ. ධීවර බෝට්ටු අතරින් පැමිණ හෝ ධීවරයින් ලෙස වෙස් වලාගෙන සමූහ වශයෙන් පැමිණ, මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කිරීම මේවනවිට LTTE මුහුදු කොටි විසින් උපක්‍රමික වශයෙන් භාවිතා කරන ලදී. LTTE සංවිධානය විසින් භවිතා කළ ඉහත උපක්‍රම හේතුවෙන් ඒවාට සාර්ථකව මුහුණදීමේ සහ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ ගැටලුවක් නාවික හමුදාවේ යාත්‍රාවන්ට ඇති විය. ආසන්නයේ හට ගත් මෙම ගැටුම් ඉතා බිහිසුණු සටන් විය. LTTE ය සතුවූ ප්‍රමාණයෙන් ඉතා කුඩා වූ යාත්‍රාවන් වේගයෙන් සහ පහසුවෙන් හැසිරවිය හැකි ආකාරය නිපදවා තිබූ අතර, ඉතා ඉහල වෙඩි බලයකින් ද සමන්විත විය.LTTE මුහුදු කොටීන් විසින් යොදාගත් මෙම උපක්‍රම වලට මුහුණදීමේ පිලිබඳ ප්‍රශ්න රාශියකට නාවික හමුදාව වේ වන විට මුහුණ දෙමින් සිටි අතර කොටි ප්‍රහාර හේතුවෙන් නාවික යාත්‍රාවන් කීපයක් විනාශයට පත් වී තවත් යාත්‍රාවන්ට හානි සිදු විය. මුහුදු කොටි විසින් බොහෝ විට සිය ප්‍රහාර සඳහා යොදා ගන්නේ වෙරළ ආශිත මුහුදු තීරයයි. මෙම නොගැඹුරු දියෙහි වේග ප්‍රහාරක යාත්‍රා වලට පහසුවෙන් ක්‍රියාත්මක වීමේ අපහසුතාවයත් LTTE මුහුදු කොටීන්ට වාසියක් විය.

    •  
      විකාශණය

      LTTE මුහුදු කොටි සතුවු කුඩා යාත්‍රා නොගැඹුරු දියේහි දී ඉතා පහසුවෙන් හැසිරවිය හැකි ලෙස නිෂ්පාදනය කර තිබුනි.ඒවා සැහැල්ලු වේගවත් බව සහ පහසුවෙන් හැසිරිය හැකි බව නිසා ශ්‍රි ලංකා නාවික හමුදා යාත්‍රාවන්ට අනපේක්‍ෂිත ප්‍රහාරයන්ට ලක්විමට සිදුවිය. මෙම තත්වය හේතුවෙන් ශ්‍රි ලංකා නාවික හමුදාවේ වෙරළ ආසන්න කඳවුරු වලටත් අනපේක්‍ෂිත මර්ධනයක් ලෙස සැලකෙන කොළඹ,ත්‍රිකුණාමලය,කන්කසන්තුරය සහ ගාල්ල වැනි වරායන්ට විශාල තර්ජනයක් එල්ල වූ අතර, එය ත්‍රස්ත්‍රවාදය පරාජය කරන තුරුම දශක තුනක කාලයක් පුරා දක්නට ලැබුණි.

      මෙම ප්‍රහාරයට මුහුණුදීම සඳහා නාවික හමුදාවට බොහෝ නිරීක්‍ෂණයන් සහ පරීක්‍ෂණයන් සිදු කළ අතර, අවසානයේ ඊට මුහුණ දීම සඳහා කුඩා බෝට්ටු වලින් සමන්විත යාත්‍රා කණ්ඩායමක් පිහිටුවීමට තීරණය කරන ලදි.එහි ප්‍රතිඵලයක් වශයෙන් 2007 වසරේදි එවකට නාවික හමුදාපති වශයෙන් කටයුතු කල අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ උපදෙස් පරිදි, ක්‍ෂණික විහිදුම් ක්‍රියාකාරී යාත්‍රා බලඝනය පිහිටුන ලදි. ඒ අනුව 2007 මාර්තු 01 වන දින එම බලඝනයේ ප්‍රථම අධ්‍යක්‍ෂ වු කොමදෝරු රොහාන් අමරසිංහ මහතාගේ අධ්‍ීක්‍ෂනය යටතේ නිලධාරින් 05ක් සහ නාවිකයන් 18 ගෙන් සමන්විත ප්‍රථම කණ්ඩායම සිය පුහුණුව ආරම්භ කරන ලදි.ඔවුන්ගේ පුහුණු විම් වල මූලික අධියරේ දී පුහුණූ වන්නන් හට විශේෂ යාත්‍රා බලඝනය NAD සහ FAF4 වෙත අනියුක්ත කර, පුහුණුවිම් ලබා දෙන ලදි. එහිදි, ඔවුන්ට විශේෂ අවි පුහුණුව ,යාත්‍රා හැසිරවිම ඒකාබද්ධ මෙහෙයුම් සිදු කිරිම, ශාරීරික අභ්‍යාසක, වෛද්‍ය ප්‍රතිකාර සහ පිහිනීම යන අංශ වලින් ඔවුන්ට වැඩිපුර පුහුණුවක් ලබාදුනි.

    •  
      වර්ධනය

      නවිනතම අවි ආයුධ සහ තාක්‍ෂණයෙන් බලගැන්වුනු යාත්‍රාවන්ගෙන් සමන් විත මෙම බලකාය ඉතා කෙටිකාලයක් තුල ජයග්‍රහන රැසක් ලබාගැනීමට සමත් විය. මේ අතර ඔවුන්ට විශේෂ පිලිගැනීමක් අත් කර දෙනු පිණිස විශේෂ නිල ඇදුම් කට්ටලයක්ද හදුන්වා දෙන ලදී.


      ඉහත සඳහන් වූ ආකාරයෙන් මෙම බලඝනය LTTE සංවිධානයේ මරාගෙන මැරෙන බෝට්ටු මගින් එල්ල කළ තර්ජනය මැඩපැවැත්වීමට සිය කාර්යභාර්ය ඉටු කරන ලදී. එබැවින් ශ්‍රිලංකා නාවික හමුදාව සිය ඇරෝ යාත්‍රා නිෂ්පාදනය වැඩිකළ අතර, ඉතා කෙටි කාලයක් තුළ කුඩා යාත්‍රා 100ක් එක් කිරීමට සමත් විය. එසේ නාවික හමුදා යාත්‍රා සමූහයට එක්වූ 100 වන ඇරෝ යාත්‍රාවට සිහිකරන වස් 2008 අගෝස්තු 30 වන දින වැලිසර යාත්‍රා නිෂ්පාදන වැඩබිමේදී උත්සවයක් පවත්වන ලදී.

      තවද, සේවා අවස්ථාව සලකා නිලධාරි 10 ‍දෙනෙකු සහ නාවිකයන් 400 දෙනෙකු බලඝනය වෙත බඳවා ගන්නා ලදී.අසම්මතික යුධ කටයුතු වල නිරත LTTE සංවිධානය එල්ල වන අභියෝගයන් වලට මුහුණ දීම පිණිස ක්‍ෂණික විහිදුම් ක්‍රියාකාරී යාත්‍රා බලඝන‍‍යේ නාවිකයන් හට අඛණ්ඩ පුහුණුවක් ලබාදුන් අතර, එමගින් ඔවුන් හට ආත්ම විශ්වාසය ඇතිකරන ලදී.නාවික හමුදාවේ සැලසුම් අනුව ක්‍රියාත්මක වෙමින් LTTE මුහුදු කොටි තර්ජනයට සෑමවිටම අභියෝග ලැබුණි.ඇරෝ බෝට්ටු නැමැති කුඩා යාත්‍රා සාර්ථකව පරාජය කිරිමේ හැකියාව ලැබුණි. මෙසේ නිෂ්පාදනය කළ ඇරෝ බෝට්ටු වලට නොගැඹුරු වෙරළ කලාපයේ පහසුවෙන් මෙහෙයුම් කටයුතු කිරීමේ හැකියාව ලැබුණු අතර, එ් සඳහා වේගවත් බව සහ ඉහල වෙඩි බලය හේතුවෙන් LTTE මුහුදු සංග්‍රාම කටයුතු විශල වශයෙන් පාලනය කිරීමේ හැකියාව ලැබුණි. මේ සමගම ඔවුන් එතෙක් සිය වාසියට හරවාගත් අසම්මතික යුධ උපක්‍රමයන් වලට එල්ල වු මරු පහරක් විය. පූර්ණ වශයෙන් දේශීය තාක්‍ෂණය යටතේ නිෂ්පාදනය කළ මෙම ඇරෝ යාත්‍රා කාණ්ඩ තුනකට අයත් විය. එහි කුඩාම යාත්‍රාව අඩි 18x23 ඇරෝ යාත්‍රා වන අතර, දෙවැන්න මීටර් 14 ක් දිගැති යාත්‍රාවක් වේ . මීටර් 17 ක් දිගැති සටන් හැකියාවෙන් ඉහල අනෙක් වේව් රයිඩර් යාත්‍රා මෙහි තෙවන වර්ගය ලෙස සදහන් කල හැකිය.නාවික පිහිණුම් ක්‍රියාකාරි බලඝනයේ යාත්‍රාවන්ට අනියුක්තව සේවය කළ විශේෂ පුහුණුවක් ලත් නාවික පුද්ගලයින්ට LTTE යේ ඉලක්ක ඉතා නිවැරදිව හදුනා ගනිමින් ඒවා විනාශ කර දැමී‍මේ හැකියාව ලැබුණි.

    •  
      සංකල්පය/පදනම

      නාවික පිහිණුම් ක්‍රියාකාරී යාත්‍රා බලඝනයේ පදනම, සමූහ වශයෙන්ක්‍රියාත්මක වන කුඩා යාත්‍රා පංතියකින් සමන්විත සතුරාගේ කුඩා යාත්‍රා විනාශ කර දැමීමයි. බලඝනයේ න්‍රියාත්මක වීම මගින් කුඩා මුහුදු ප්‍රදේශයක් තුල සිය ප්‍රහාරයන් දියත් කර, එම කලාපය නිසි පාලනයට නතු කර ගැනීම අපේක්‍ෂා වේ.ඔවුන්ගේ ශක්තිය රඳා පවතින්නේ සමූහවශයෙන් ක්‍රියාත්මක වීම තුලයි.

     
    •  
      හැදින්වීම සහ විකාශනය

      2009 වසරේ සාමය උදා වීමත් සමග ක්‍ෂණික විහිදුම් ක්‍රියාකාරී යාත්‍රා බලඝනය විසින්, එතෙක් සාගරයේ සිදු කළ මෙහෙයුම් කටයුතු ක්‍රමක්‍රව පහව යන ලදී. එමෙන්ම පසුකාලීනව ඇතිවූ ගංවතුර තත්වය හේතුවෙන් විශේෂ පුහුණුව ලත් මුදවා ගැනීමේ බලඝනයක අවශ්‍යතාවය පැන නැගෙමින් පවතී.

      එමෙන්ම, රටෙහි විවිධ ස්ථානයන්ගේ ඇතිවූ ගංවතුර තත්වයට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය තරම් මුදවා ගැනීමේ කණ්ඩායම් නොහිටීමේ හේතුවෙන්, 2011 වසරේ මෙම බළකාය පිහිටු වීමේ අවශ්‍යතාවය උග්‍රව දැනෙන්නට විය. එබැවින්, (කෙටියෙන් 4RS ලෙස හැදින්වෙන)මෙම නාවික මුදවා ගැනීමේ සහ සහන බළඝනය පිහිටුවීම තුලින් ගංවතුර තත්වයකදී, කඩිනමින් ක්‍රියාත්මක වී එමගින් අගතියට පත් පාර්ශවයන් බේරා ගැනීම ප්‍රධානතම කාර්යභාර්ය්‍ය වශයෙන් සඳහන් කළ හැකිය. මීට අමතරව සුනාමි සහ කුණාටු කාළගුණික තත්වයන්හී දී විපතට පත් වුවන් ඉන් මුදවා ගැනීම සඳහා ද මෙම බලඝණයේ කාර්යභාර්ය්‍ය වේ.

      අයහපත් කාළගුණික තත්වයන් යටතේ තමන් සතු යාත්‍රා සහ අනෙකුත් පහසුකම් උපයෝගී කර ගනිමින් විපතට පත් පුද්ගලයන් කඩිනමින් බේරා ගෙන ඔවුනට අවශ්‍ය සහන සැලසීම මෙම බලඝනයේ ප්‍රධානතම ශක්තිය වශයෙන් සඳහන් කළ හැකිය. ඉහත සඳහන් කළ ආකාරයෙන් ඕනෑම හදිසි තත්වයකට මුහුන දීම සඳහා ක්‍ෂනික මුදවා ගැනීමේ සහ සහන බලඝන නිලධාරීන් මෙන්ම නාවිකයන් ද පුහුණුවෙන් මෙන්ම හැකියාවෙන් ද සන්නද්ධව සිටී. මීට අමතරව ආරක්‍ෂක අමාත්‍යංශය සහ ආපදා කළමණාකරණ අමාත්‍යාංශය යටතේ ආපදා සහන සැලසීමේ කටයුතු වල නිරත අනෙකුත් ආරක්‍ෂක අංශ සහ සිවිල් සංවිධාන සඳහා අවශ්‍ය තාක්‍ෂනික සහ ප්‍රායෝගික පුහුණුව ලබාදීම ද බොහෝ විට සිදූ කරන්නේ මෙම බලඝනය යටතේය.