සභාපතිනිය

නමින් සන්ධ්‍යා රණසිංහ වන ඇය ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අනුරාධපුර ප්‍රදේශයේ ඉපිද, තම මූලික අධ්‍යාපනය අනුරාධපුර බාලිකා විද්‍යාලයෙන්ද උසස් අධ්‍යාපනය අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන්ද හදාරා ඇත. තවද සිය පාසල් කාලය තුලදී අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය පරිභාහිරව අත්පන්දු, දැල්පන්දු, පිහාටු පන්දු වැනි ක්‍රීඩාවන්හි නියලෙමින් සිය පාසල් දිවිය ඉතා සතුටින් හා සමබරව ගත කල ඇය ගණිත අංශයෙන් සිය උසස් අධ්‍යාපනය හදාරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී සිවිල් ඉංජිනේරු උපාධිධාරිණියක් වශයෙන් සිය අධ්‍යාපන කටයුතු අවසන් කොට ඇත.

සිය අධ්‍යාපනය මගින් ලබාගත් පන්නරයෙන් විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි සේවයේ නිරත වූ ඇය ඒ තුලින්, ලබා ගත් මනා අත්දැකීම් හා පලපුරුද්දෙන් ‍දැනට, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු නිලධාරිණියක් වශයෙන් රාජකාරි කටයුතු වල නිරතව සිටී.

තවද, වර්ෂ 1991 ක්වූ වප් මස 21 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ වත්මන් නාවික හමුදාධිපතිතුමන් වන වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ හා යුග දිවියට පත්වූ ඇය සුපුනි රණසිංහ සෙනෙහෙබර දියණියගේ මෑණියන් වීමට වර්ෂ 1999 ක්වූ නවම් මස 17 වන දින වාසනාව උදාකර ගන්නා ලදී.