SBSSBS

හැඳින්වීම

වේගවත් භාවය යුද්ධයේ තීරණාත්මක සාධකය වේ. සතුරා සූදානම් නොවී සිටීමේ දුර්වල අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා; සතුරා අනපේක්ෂිත මාර්ගවලින් සතුරා වෙතට ගමන් කර සතුරාගේ දුර්වල හා අනාරක්ෂිත ස්ථානයට පහර දිය යුතුය. විශේෂ බලකායන් යනු න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව ගොඩබිම මුහුද හෝ ගුවනේ සිට සෑම විටම ප්‍රහාර එල්ල කිරීමේ බලකායකට වඩා තම සටන් යාන්ත්‍රණය හා ආත්මාරක්ෂාව මඟින් සතුරාගේ ගමන් මඟ වලකන බල ගුණකයක් ලෙස හැඳින්විය හැකිය. විශේෂ බලකායන් සතුරාගේ යුදමය හැකියාවට බාධා පමුණුවමින් ක්ෂණික ප්‍රහාර එල්ල කර පෙර නොවූ විරූ ආකාරයෙන් සතුරා ව්‍යාකූල කර, සාම්ප්‍රදායික හමුදාවන්ට මෙහෙයුම් වාසිය ලබාදීමට කටයුතු කරයි. දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය ආරම්භ වූ මුල් අවධියේදී විශේෂ මෙහෙයුම් වල දායකත්වය ඉතා වැදගත් විය.

දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලාගත් ත්‍රස්‌තවාදය ආරම්භ වූ මුල් අවධියේදී විවිධ අසමමිතික යුද උපක්‍රම යොදාගනිමින් නාවික හමුදා භට පිරිස් වෙත එල්ල කළ ප්‍රහාර සඳහා ප්‍රතිරෝධය දැක්වීමට විශේෂයෙන් පුහුණු වූ කණ්ඩායමක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින් විශේෂ යාත්‍රා බලඝනය ආරම්භ කරන ලදී. මුල් අවධියේ එල්ටීටීඊ යට එරෙහිව සතුරා සමීපයට ගොස් එල්ල කල විශේෂ යාත්‍රා බලඝණයේ කුඩා කණ්ඩායම් සාර්ථක ප්‍රහාර සඳහා එවකට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ නිලධාරීන් සහ නාවිකයන් ගේ සුවිශේෂී හැකියාවන් හේතු විය. ත්‍රිකුණාමලය කැලාබද ප්‍රදේශයන්හි සතුරා සැඟවී සිටි ස්ථාන සොයා ගොස් එවැනි සාර්ථක ප්‍රහාර එල්ල කල නිලධාරියෙක් ලෙස එවකට ලුතිනන් කොමාන්ඩර් බහාර් හන්දිවිය හැකි අතර, සටනේදී එම දක්ෂ නිලධාරියා මියයාම විශේෂ යාත්‍රා බලඝනය ස්ථාපිත කිරීම කල් යාමටද හේතු විය.

එල්ටීටීඊය ගරිල්ලා කණ්ඩායමක් ලෙස ආරම්භ වී මුහුදු කොටි බලකායක් සහිත අර්ධ සාම්ප්‍රදායික හමුදාවක් දක්වා සැලකිය යුතු ලෙස කාලීනව වර්ධනය විය. එල්ටීටීඊ යේ යුද ශක්තිය පවත්වාගැනීම ගැනීම සඳහා කරුණු තුනක් මත මුහුදු කොටි බලකාය ශක්තිමත්ව තිබීම අවශ්‍ය විය. එනම් පළමුව එල්ටීටීඊ යේ මුහුදු සැපයුම් ජාලය පවත්වාගැනීම සඳහා නිරන්තරයෙන් නාවික හමුදාව සමඟ ගැටීමට, දෙවනුව උතුරු අර්දධ්වීපය සමඟ අඛණ්ඩව මුහුදු සංචරණ කටයුතු පවත්වාගැනීම සඳහා නාවික හමුදාවට වැඩි සම්පත් ප්‍රමානයක් යෙදවීමට සිදුවීම, තෙවනුව මුහුදු කොටි බලකාය මරාගෙන් මැරෙන යාත්‍රා මුහුදු බෝම්බ සහ විවිධ අසම්මත යුද උපක්‍රම භාවිතා කිරීම ප්‍රගුණ කර තිබීම යන කරුණු මත මුහුදු කොටි බලකාය මත එල්ටීටීඊ ය යැපීමට හේතු විය.

ඒ අනුව එල් ටී ටී ඊ සංවිධානය උතුරේ කලපු ආශ්‍රිත නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සිදුකල ත්‍රස්තවාදී කටයුතු මැඩපැවැත්වීමේ අරමුණෙන් අනූව දශකයේ මුල් භාගයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ නිලධාරීන් දෙදෙනෙකු සහ නාවිකයන් 76 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් වෙත විශේෂ පුහුණුවක් ලබාදී, පුහුණුව සාර්ථකව අවසන් කල නිලධාරීන් දෙදෙනෙකු සහ නාවිකයන් 25 කින් සමන්විත විශේෂ යාත්‍රා බලඝනය එවකට ලුතිනන් කොමාන්ඩර් ආර්සි විජේගුනරත්නගේ මූලිකත්වයෙන් ස්ථාපිත කරන ලදී.

එවකට ලුතිනන් චන්න ජයසිංහ සහ උප ලුතිනන් ගාලගේ යන දක්ෂ නිලධාරීන්ගේ නායකත්වයෙන් ක්‍රමිකව මෙම බලඝනය ප්‍රබල බලඝනයක් ලෙස වර්ධනය විය. දිය ගොඩ හා ගුවනේ එකසේ මෙහෙයුම් සිදුකළහැකි විශේෂ පුහුණුවක් ලද මෙම බලගණය පසුගිය මානුෂීය මෙහෙයුම පවතී අවධියේ සතුරු භුමිය වෙත බට පිරිස් ඇතුළු කිරීමේ ජලතරණ මෙහෙයුම් උපක්‍රමික ලෙස සතුරු භුමිය වෙත ඇතුළුවී කුඩා බෝට්ටු මඟින් මෙහෙයුම් සිදුකිරීම මඟින් නාවික හමුදාවේ පෙර පෙළ ප්‍රහාරක බලඝනයන් වෙත විශාල සහයෝගයක් ලබාදෙන ලදී.

නාවික හමුදා මුලාස්තානයේ සෘජු අණ හා පාලනය මත ක්‍රියාත්මක වන විශේෂ යාත්‍රා බලඝනය අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් විසින් මෙහෙයුම් අවශ්‍යතා සඳහා යෙදවීම සිදුකරනු ලබයි. අධ්‍යක්ෂ මැරීන් විශේෂ බලකා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ මැරීන් විශේෂ බලකා විසින් විශේෂ යාත්‍රා බලඝනයට අදාළ සියලු මෙහෙයුම් සහ පුහුණු කටයුතු සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් වෙත සහාය ලබාදීම සිදුකරනු ලබයි. එමෙන්ම විශේෂ යාත්‍රා බලඝනය ඔවුන්ගේ සාම්ප්‍රදායික රාජකාරීන්හි යෙදවීමේ වගකීමද අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් සතු වේ.

පහත සඳහන් විශේෂ කාර්යයන් විශේෂ යාත්‍රා බලඝණයේ සාම්ප්‍රදායික රාජකාරීන් ලෙස සැලකේ.

  • ජලතරණ මෙහෙයුමකට පෙර වෙරල තීරයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.

  • වෙරළ තීරය පරීක්ෂා කිරීමේ මුර සංචාර සිදුකිරීම.

  • සතුරු ග්‍රහණයේ පවතින අධි අවදානම් වෙරළබඩ ප්‍රදේශ නිරීක්ෂණය කිරීමෙන් බුද්ධි තොරතුරු එක් රැස් කිරීම.

  • ජල මාර්ග ඔස්සේ සතුරු භූමියට ඇතුළුවී සතුරා වෙත රහසිගත ප්‍රහාරයක් එල්ලකර සතුරු බලමුළු, උපකරණ, බෝට්ටු සහ යටිතල පහසුකම් විනාශ කිරීම.

  • සතුරාට එරෙහිව බෝම්බ තැබීම , බෝම්බ ඉවත් කිරීම හා විනාශ කිරීම.

  • පැහැරගත් නෞකා අත්පත් කරගැනීම් සහ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම්.

  • නොගැඹුරු මුහුදේ සහ අභ්‍යන්තර ජල තීරයන්හී විශේෂ කුඩා යාත්‍රා මෙහෙයුම්.

  • සතුරු භූමියට ඇතුළුවී සිදුකරන දිගු දුර මෙහෙයුම්.

  • සංග්‍රාමික කිමිදුම් මෙහෙයුම්.

  • ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ හා ත්‍රස්ත මර්ධන මෙහෙයුම්.

  • විශේෂ සහ ඇති විශේෂ පුද්ගලයන් ආරක්ෂා කිරීමේ මෙහෙයුම්.