කිමිදුම් අංශය special_unit_marine

ශීර්ෂ පාඨය

ශ්‍රිලංකා නාවික හමුදාව මුහුදු රළ මත පමණක් නොව මුහුදු රළට යටින් වූ මුහුදු පතල දක්වා මෙහෙයුම් පුළුල් කර ඇත. ශ්‍රිලංකා නාවික හමුදා කිමිදුම් සහ ගලවා ගැනීමේ ඒකකය දිය යට මෙහෙයුම් සඳහා පුරෝගාමී සහ වෘත්තීය අංශයක් වේ. කිමිදුම් සහ ගලවා ගැනීමේ ඒකකය දිය යට මෙහෙයුම් වලදී ශ්‍රිලංකා නාවික හමුදාවේ නාමය බබළවමින්, විශේෂයෙන් සිවිල් සමාජයට අවශ්‍ය කිමිදුම් සහාය ලබාදෙමින් උපකාර කරයි. ශ්‍රිලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් දිය යට මුදවාගැනීම්, සොයාගැනීම්, ගොඩගැනීමේ මෙහෙයුම්, බිඳ දැමීම් සහ ඉදිකිරීම් පිළිබඳ මෙහෙයුම් සිදුකිරීමේ විශේෂඥතාවයක් ලබා ඇත. හිටපු නාවික කිමිදුම් නිලධාරීන්ගේ සහ නාවිකයින්ගේ කැපවීමෙන් මෙම ගෞරවනීය අංශය විකාශනය විය. ශ්‍රි ලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විශේෂයෙන් නිර්මාණය කරන ලද වෘත්තීය පුහුණුවක් මඟින් හැඩගස්වා ඇති අතර, විදේශීය හමුදා කිමිදුම් විශේෂඥයින්ගේ උපදෙස් මඟින් ඔවුන් හට පුළුල් වෘත්තීය දැනුමක් ලබාදී ඇත.

ඉතිහාසය

ජී ආන්ඩිව් (G Arndt) නමැති රාජකීය නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමේ සාමාජිකයාගේ සටහන් වලට අනුව 1962 දී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඇතිවූ සුළි සුළඟක් හේතුවෙන් නාවික යාත්‍රා කිහිපයකට හානි සිදුවීම හා කුඩා යාත්‍රා කිහිපයක් ගිලී ඇත. මෙම අවස්ථාවේ කිමිදුම් සඳහා හැකියාව ඇති ආන්ඩිව් ඇතුළු පුද්ගලයන් 05 දෙනෙකු එකතු වී ගිලුණු යාත්‍රා ගොඩ ගැනීම හා ආපදා සිදුවූ යාත්‍රා අළුත්වැඩියා කිරීමට ඉදිරිපත් වී ඇත. පසුව මෙම කණ්ඩායම ඉන්දියානු නාවික හමුදා කදවුරක් වන වෙන්ඩූර්ති ආයතනයේ මූලික කිමිදුම් පාඨමාලාව හදාරා කිමිදුම් පිළිබඳ පූර්ණ වරප්‍රසාද ලබා ගෙන ඇත.

1964 දී ඇමරිකානු නාවික හමුදාවේ නැව් ගොඩගැනීමේ කිමිදුම් පාඨමාලාව (SSDO- Ship Salvage Diving Officer) හැදැරූ ලුතිනන් කොමාණ්ඩර් ටී සෝමසුන්දරම් 1965 ජනවාරි 08 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රථම කිමිදුම් අංශභාර නිලධාරි (ODU- Officer in Charge Diving Unit) තනතුරට පත්වීම හා කිමිදුම් අංශයේ ආරම්භය සිදුවිය.

1974 දී බිත්‍රාන්‍ය නාවික හමුදාවේ බෝම්බ ඉවත්කිරීමේ පාඨමාලාව (MCDO – Main Clearance Diving Officer) හැදෑරු ලුතිනන් ආර් වෑත්තෑව දෙවන ශ්‍රී ලංකික කිමිදුම් නිලධාරිවරයායි.

එවකට නාවික කිමිදුම් අංශයට බැඳුනු නිලධාරීන් හා නැවියන් ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය, චීනය, මැලේසියාව යන රටවල්වලින් මූලික කිමිදුම් පාඨමාලාව හදාරන ලදි. ඉන්පසු ඔවුන් ප්‍රධාන කිමිදුම් අංශය ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණය වෙත අනුයුක්ත කර රාජකාරීන් සඳහා යොදවන ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරීන් වඩාත් පුළුල්වීමත් සමඟ නාවික හමුදාවට අවශ්‍ය කිමිදුම් නැවියන් වැඩිකර ගැනීමට අවශ්‍ය වූ බැවින්, ඒ සඳහා පුහුණු කිරීමේ කටයුතු කිමිදුම් අංශය මගින් සිදු කිරීමට සිදු විය.

වර්ෂ 1998 දී නාවික හා සාගරික විද්‍යාපීඨයට අනුයුක්තව නිලධාරියෙකු සහ නැවියන් 06 දෙනෙකුගෙන් ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් පාසල ආරම්භ කරන ලදි. එහි පාසල භාර නිලධාරියා වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් යූවීඑම්පී පෙරේරා කටයුතු කලේය.

රට තුළ අභ්‍යන්තර අරගල වැඩිවීමත් සමඟ ශ්‍රි ලංකා නාවික හමුදාවට නෞකා හා යාත්‍රා ගෙන්වීමත් සමඟ කිමිදුම් රාජකාරීන්ද වැඩිවිය. නව උපකරණවලින් සමන්විත කිමිදුම් අංශය වඩාත් වැදගත් නිහඩ සේවයක් නාවික හමුදාව වෙනුවෙන් ඉටු කරයි.

වර්තමාන නාවික හමුදාවේ නිලධාරීන් සහ නැවියන් නාවික හා සාගරික විද්‍යාපීඨයේ සහ විදේශ පුහුණු පාඨමාලා වලින්ද පන්නරය ලැබූ කිමිදුම් අංශයක් නාවික හමුදාව සතුව පවතී.

හැඳින්වීම

ශ්‍රිලංකා නාවික හමුදා කිමිදුම් සහ ගැලවීමේ ඒකකය 1965 වර්ෂයේ ජනවාරි මාසයේදී ආරම්භ කරන ඇත. ඇය ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් දිය යට මෙහෙයුම් සිදුකිරීමට කාලයත් සමඟ පරිණාමය වී ඇති අතර, අද වන විට මූලික වශයෙන් ශ්‍රිලංකා නාවික හමුදාවෙහි මෙහෙයුම් සූදානම වැඩි දියුණු කිරීම සඳහා ආධාරක අංගයක් බවට පත්ව ඇත. අතීතයේ ලබා ගත් අභියෝගාත්මක ජයග්‍රහණ සහ තාක්ෂණික හැකියාවන්ගෙන් ලබාගත් අත්දැකීම් රාශියක් සමඟින් කිමිදුම් සහ ගැලවීමේ ඒකකයේ හැකියාවන් සහ මානව සම්පත ක්‍රමිකව වර්ධනය වී ඇත. කිමිදුම් අංශය විකාශනය වූ දිගු ගමනේදී ඇය නාවික හමුදාවේ අවශ්‍යතා සපුරාලීම සඳහා වෘත්තීය නිපුණතාවය සම්බන්ධයෙන් ඉතා ඉහළ ප්‍රමිතියක් පෙන්නුම් කර ඇත. ශ්‍රිලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යනු දිය යට මුදවා ගැනීම්, ගලවාගැනීම්, බිඳ දැමීම් සහ ඉදිකිරීම් යන කාර්යයන් පිලිබඳ වෘත්තිකයන් වේ. නාවික කිමිදුම්කරුවන් සමුද්‍ර අවශ්‍යතා සඳහා සහෝදර හමුදාවන්ට, ආපදා කළමනාකරණයේදී රටටද උපරිම සහාය ලබා දෙයි. මෙම කීර්තිමත් ඒකකය වර්තමානයේ අතිනවීන උපකරණ සහිතව නිලධාරීන් 46 දෙනෙකුගෙන් සහ නාවිකයින් 295කින් සමන්විත වේ. ශ්‍රිලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් සිදුකල විශාල කිමිදුම් මෙහෙයුම් වලදී සුවිශේෂී කාර්ය සාධනයක් සහිතව නාවික ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේද කිහිපයක් ලියා ඇති අතර, ජාතික ආරකෂාව වෙනුවෙන් ඔවුන් ශක්තියෙන් සහ ආඩම්බරයෙන් දිය යට ගැඹුරට කිමිදෙයි.

කිමිදුම් මෙහෙයුම් වල ප්‍රධාන කොටසක් මූලික වශයෙන් ශ්‍රිලංකා නාවික හමුදාව මෙහෙයුම් සූදානම සෑම විටම වැඩි දියුණු කිරීමට හේතු වන අතර, අවශ්‍ය වූ විට මහජනතාවට සහ අනෙකුත් ආයතනයන වෙත විශේෂ කිමිදුම් සහය ලබා දෙනු ලබයි. කිමිදුම් සහ ගලවා ගැනීමේ ඒකකය නාවික සහ නාවික නොවන ස්වභාවයෙන් ලබාදෙනු ලබන කිමිදුම් සහාය පහත පරිදි වේ.

  • දිය යට නාවික නෞකා සහ යාත්‍රා අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම.

  • නැව් පතුළ, මුහුදු ප්‍රදේශ සහ වරාය/වරාය නිෂ්කාශන මෙහෙයුම් මගින් දිය යට සෙවීම් සහ ආරක්ෂක නිෂ්කාශනය.

  • යාත්‍රා ගොඩ ගැනීම සහ නිෂ්කාශනය කිරීම හා ආපදාවට පත් යාත්‍රා සඳහා කිමිදුම් සහාය ලබාදීම

  • දිය යට සමීක්ෂණ හා උපකරණ සෙවීම

  • දිය යට ඉදිකිරීම්

  • වරාය සහ වරාය ආරක්ෂාව සඳහා දිය යට ආරක්ෂක පද්ධති ස්ථාපනය කිරීම සහ නඩත්තු කිරීම

  • නාවික සහ නාවික නොවන කාර්යයන් සඳහා අවශ්‍ය දිය යට ඡායාරූපකරණය සහ වීඩියෝ රූගත කිරීම්

  • දිය යට පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම සහ බිඳවැටීම් සිදුකිරීම

  • මුහුදේ පිහිනන්නන් ගලවාගැනීම හා ගුවනේ සිට මුහුදට වැටෙන පුද්ගලයන් ගලවා ගැනීමේ වෙනුවෙන් කිමිදුම් කරුවන් යෙදවීම

special_unit_marine
special_unit_marine
special_unit_marine