අංශ සහ නිළයන්
විධායක අංශය
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානතම අංශයයි. නාවික හමුදා පරිපාලනය හා නෞකාවක් හට අණදීම සිදුකරනු ලබන්නේ සාගරික අත්දැකීම් ඇති මෙම අංශයේ නිලධාරීන් විසිනි. විධායක අංශයේ නිලධාරීන් පහත දැක්වෙන ක්ෂේත්‍ර වල විශේෂ පුහුණුව ලද අයවලුන්ය.
|
ඉංජිනේරු අංශය
ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාන්ත්‍රික හා නාවික වශයෙන් ඉංජිනේරුවන් දෙපිරිසක් සිටින අතර ඔවුන්ගේ ප්‍රධානතම කර්තව්‍ය වනුයේ නාවික බළඇණිය සතු විවිධ වු නෞකා සහ යාත්‍රාවන්ගේ නඩත්තු කටයුතු පවත්වාගෙන යාමයි. ඔවුන්ගේ රාජකාරිය විටෙක අභියෝගාත්මක නෞකාවක් යාත්‍රාවක් වෙත හෝ නාවික තඨාකාංගණයේ හෝ රට වටා පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ නඩත්තු කිරීමේ මධ්‍යස්ථානයක කිරීමට සිදුවනු ඇත.මීට අමතරව සිවිල් ඉංජිනේරුවන් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කාර්යයේදී ඉතා වටිනා කාර්යභාර්යයක් ඉටුකරනු ලබයි.
ඉංජිනේරු අංශයේ පුද්ගලයින් හට දේශීය හා විදේශීය පාඨමාලා හැදෑරීමේ අවස්ථාව සලසා දී ඇති අතර එමගින් ඔවුන්ගේ වෘත්තීීමය හා රාජකාරිමය කටයුතු දියුණු කරගැනීම උදෙසා ඉඩකඩ සලසා දී තිබේ.මීට අමතරව සිය දැනුම පශ්චාත් උපාධි මට්ටම දක්වා වර්ධනය කරගනිමින්, නවීන තාක්ෂණික ප්‍රගමනයන් සමග උරෙනුර ගැටී කටයුතු කිරීමේ අවස්ථාවද මෙම අංශයේ නිලධාරීන් හා නාවිකයින් හට සලසා දී තිබේ.
වෛද්‍ය අංශය
කාර්යක්ෂම නාවික හමුදාවක් සඳහා කායික හා මානසික සෞඛ්‍ය අත්‍යාවශ්‍ය කරුණක් වේ. නාවික හමුදාව සතු නවීනතම වෛද්‍ය පහසුකම් හා වෘත්තිමය කාර්ය මණ්ඩලයේ සහය ඇතිව විවිධ රෝගාාබාධ වලට ලක්වූ නාවිකයන් විශාල පිරිසකට ප්‍රතිකාර සැලසීමේ හැකියාව වර්ථමාන නාවික හමුදා වෛද්‍ය අංශය සතුවේ.
වෛද්‍ය අංශයේ පුද්ගලයන්ට තම වෘත්තිමය නිපුනත්වය ලබාගැනීමට අවස්ථා රාශියක් සැලසේ.මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් විශේෂඥ වෛද්‍යවරු බවට පත්වී ඇත.මීට අමතරව මෙම අංශයේ නාවිකයින් විශාල ප්‍රමාණයක් දේශීයව මෙන්ම විදේශීය වශයෙන් පරිපුරක වෛද්‍ය පුහුණුව ලබා ගැනීමට සමත්ව ඇත.
සැපයුම් අංශය
කාර්යක්ෂම සැපයුම් යාන්ත්‍රණයකින් තොරව කිසිම යුධ ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට අපහසුය. යුධ සමයේදීද සටනට අවශ්‍ය සියලු සම්පත් ඒකරාශී කරමින් සටන් සැලසුම් කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදීමට නිහඬ වු සේවාවක් ඉටු කරන ලද්දේ සැපයුම් අංශයයි.මෙම අංශයෙන් ලබා දෙන පන්නරය, පුද්ගලයෙකුට අවැසි යහපත් කළමණාකරන හැකියාවන් අත්කර දේ. සැපයුම් අංශයේ නිලධාරීන් දේශීය මට්ටමින් ලබා ගන්නා මූලික දැනුමෙන් අනතුරුව, නව සංකල්ප සහ නව ඉසව් ඔස්සේ දේශීයව මෙන්ම විදේශීයව පාඨමාලාවන් හැදෑරීමෙන් සිය වෘත්තීය දැනුම මුවහත් කර ගැනීමට අවස්ථාව ලබයි.
විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශය
යුධ නෞකාවක් කුඩා පාවෙන නගරයක් ලෙස හදුන්වාදිය හැකිවේ.ඒ තුළ අවශ්‍ය විද්‍යුතය නිපදවීමක් බෙදා හැරීමක් සිදු කරනු ලැබේ.එමෙන්ම සංකීර්ණ සන්නිවේදන පද්ධතීන් ද යුධ නෞකාවෙහි ප්‍රධානතම අංගයන් සේ සැලකේ.මෙවැනි උපකරණ බොහෝමයක් නිර්මාණය වී ඇත්තේ, පරිඝණක තාක්ෂණය පදනම්ව වන අතර, ඒවා විදුලි ඉංජිනේරු විද්‍යාවේ නවතම ප්‍රගමනයන් ලෙස දැක්විය හැකිය.එසේම නාවික හමුදාව සතු විවිධ යාත්‍රික උපකරණ සහ සංග්‍රාමික උපකරණ බොහෝ ප්‍රමාණයක් නවතම තාක්ෂණයෙන් හෙබි පාලන උපකරණ මගින් ක්‍රියාත්මක වේ. නෞකාවක් සටනකට සූදානම් වීමේ දී මෙකී උපකරණ, ඒවායෙහි උපරිම ක්‍රියාකාරී මට්ටමේ තිබිය යුතුය.මේ සියලුම වගකීම් සහගත එමෙන්ම අභියෝගාත්මක රාජකාරි පැවරී ඇත්තේ විදුලි අංශයට අයත් නිළධාරීන් මතය. ශ්‍රී ලංකා නාවික හමුදාව ද විදේශීය මට්ටමේ පශ්චාත් උපාධි පාඨමාලා පිරිනමමින් මෙම අංශයේ නිළධාරීන්ට ඉතා ඉහළ අවස්ථාවන් ලබාදේ.
තූර්ය වාදක අංශය
නාවික හමුදාවේ සහ ඊට පරිබාහිර සංගීතමය අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක අංශයේ ප්‍රධානතම අභිලාෂය වේ.සෞන්දර්යාත්මක හැකියාවන්ගෙන් සමන්විත පුද්ගලයන් හට බටහිර සංගීතය, පෙරදිග සංගීතය සහ සංස්කෘතික ක්‍රියාකාරකම් තුළින් සිය වෘත්තීමය මට්ටම ඉහළ නංවා ගතහැකි අපූරු තෝතැන්නක් ලෙස මෙම අංශය හඳුන්වා දිය හැකිය.
නැව් බඳ කාර්මික අංශය
මුහුදු සටන් වලදී අත්කරගත් ජයග්‍රහණයන් වලට ප්‍රධාන වශයෙන් පාදක වූයේ, යුධ නෞකාවන්ගේ ක්‍රියාකාරී ශක්තියයි. නැව් බඳ කාර්මික අංශය නෞකාවක් යාත්‍රික මට්ටමේ පවත්වාගෙන යැමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලදී. නෞකා වල බඳ සහ අවශ්‍ය කොටස් වල නිරන්තර අලුත්වැඩියාවක් සහ අනෙකුත් පිලිසකර කිරීම් සිදු කරමින් ඔවුන් ඉතා විශාල දායකත්වයක් සපයන ලදී.මෙම සියලු ක්‍රියාකාරකම් සිදුකිරීමේදී, මෙම අංශයේ සිටින දේශීය හා විදේශීය ඉතා ඉහල පුහුණුවක් ලැබූ පුද්ගලයන්ගේ දායකත්වය අමතක කළ නොහැකිය.
නාවික පාබල අංශය
මෑතකදී පිහිටවූ මෙය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගොඩබිම් සටන් හැකියාවන්ගෙන් සමන්විත වූ අංශයකි. මෙම අංශයට අනුයුක්ත නිළධාරීන් හා නාවිකයින් ගොඩබිම් සටන් සඳහා දායකත්වය සපයනු ලබන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ විධානයන්ට අනුයුක්තව සිය රාජකාරිය සිදුකරනු ලබයි.
තොරතුරු තාක්ෂණ අංශය
මෙහෙයුම් කටයුතු වලදී අවශ්‍යය නාවික පරිපාලන ක්‍රියාකාරකම් වලට සහය ලබාදීම, තොරතුරු තාක්ෂණ අංශයේ අභිප්‍රාය වේ.තීරණ ගැනීමේදී, අවශ්‍යය දත්ත සහ තොරතුරු ඉතා ඉහළ ප්‍රවේශ වේගයකින් සැපයීමත් තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය තුළින් ඵලදායිතාවය සහ පුද්ගල තෘප්තිය ඉහළ දැමීමත් මෙම අංශයේ ප්‍රධාන කාර්යය භාරය වේ.
විනයාරක්ෂක අංශය
විනය,නීතිය හා සාමය බලගැන්වීම හා නාවික පුද්ගලයන් අපරාධ වලට යොමුවීම වැලැක්වීමට කටයුතු කිරීම නාවික විනයාරක්ෂක අංශය හා බැඳි පවතින වගකීම් ලෙස දැක්විය හැකිය.අපරාධ විමර්ෂණය වරදකරුවන් අත්තඩංගුවට ගැනීම මූලික විමර්ෂණයක් පැවැත්වීම තුලින් විනය හා සම්බන්ධ කටයුතු වලදී, නාවික බලාධිකාරයට සහය වීම මෙම අංශයේ කාර්ය්‍ය භාරය ලෙස දැක්විය හැකිය.
නීති අංශය
ශ්‍රී ලංකා නාවික හමුදා නීති අංශයේ වගකීම් වනුයේ නාවික සේවානුබද්ධ නීතිමය ගැටළු වලදී නාවික හමුදාවට අවශ්‍ය උපදෙස් ලබා දීම, නාවික විනය බලාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාකාරී මැදිහත් වීම, සැපයීම යනාදි කටයුතු වේ. මෙම අංශයේ නිලධාරීන් නීතිඥවරුන් වන අතර ඔවුන් අවශ්‍යය අවස්ථාවන්හීදී අධිකරණය හමුවේ ශ්‍රී ලංකා නාවික හමුදාවට නියෝග කරයි. එසේම නාවික සේවාවට අදාල නීතිමය තත්වයන් ගැන නාවික පුද්ගලයන් දැනුවත් කිරීමෙහිලා මෙම අංශය ඉතා වැදගත් කාර්යය භාරයක් ඉටු කරයි.
අධිකාරියට පත් නාවික හමුදා නිළධාරීන්ගේ නිළයන්
Admiral Of the Fleet
Admiral
Vice Admiral
Rear Admiral
Commodore
Captain
Commander
Lieutenant Commander
Lieutenant
Sub Lieutenant
Midshipman
අධිකාරි නොලත් තරාතිරම් සහ තරාතිරම් පළඳනා - ශ්‍රී ලංකා නාවික හමුදාව
Master Chief Petty Officer
Fleet Chief Petty Officer
Chief Petty Officer
Petty Officer
Leading Seaman
Able Seaman
Ordinary Seamanනාවිකයින්ගේ අංශ / පලදනා
Quarter Master
Radar Plotter
Survey Recorder
Gunnery Rate
Under Water Weapon
Diver
Infantryman
Physical Training Instructor
Engineering Mechanic
Tradesman
Civil Eengineering
Hull Engineering
Transport Assistant
Electrical Mechanic
Radio Electronic Mechanic
Steward
Chef
Information Technology
Writer
Stores Assistant
Communicator
Medical Assistant
Musicianඅධිකාරියට පත් යුධ හමුදා නිළධාරීන්ගේ නිළයන්
Field Marshal
General
Lieutenant General
Major General
Brigadier
Colonel
Lieutenant Colonel
Major
Captain
Lieutenant
2ndLieutenant
අධිකාරියට පත් නාවික හමුදා නිළධාරීන්ගේ නිළයන්
Admiral Of the Fleet
Admiral
Vice Admiral
Rear Admiral
Commodore
Captain
Commander
Lieutenant Commander
Lieutenant
Sub Lieutenant
Midshipman
අධිකාරියට පත් ගුවන් හමුදා නිළධාරීන්ගේ නිළයන්
Marshal of the Air Force
Air Chief Marshal
Air Marshal
Air Vice Marshal
Air Commodore
Group captain
Wing Commander
Squadron Leader
Flight Lieutenant
Flying Officer
Pilot Officer
අධිකාරිනොලත් තරාතිරම් සහ තරාතිරම් පළඳනා - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
Warrant Officer Class I
Warrant Officer Class II
Staff Sergeant
Sergeant
Corporal
Lance Corporal
Private
අධිකාරි නොලත් තරාතිරම් සහ තරාතිරම් පළඳනා - ශ්‍රී ලංකා නාවික හමුදාව
Master Chief Petty Officer
Fleet Chief Petty Officer
Chief Petty Officer
Petty Officer
Leading Seaman
Able Seaman
Ordinary Seaman
අධිකාරි නොලත් තරාතිරම් සහ තරාතිරම් පළඳනා -ශ්‍රී ලංකා ගුවන් හමුදාව
Master Warrant Officer
Warrant Officer
Flight Sergeant
Sergeant
Corporal
Leading Aircraftman
Aircraftman