නාවික කෞතුකාගාරය

නාවික කෞතුකාගාරය
නාවික කෞතුකාගාරය
නාවික කෞතුකාගාරය

ඉන්දියානු සාගර කලාපය ආශ්‍රිතව ව්‍යස්තව පැවති නාවික බල පරාක්‍රමය විදහා දැක්වෙන කැඩපතක් වශයෙන් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනය තුල පිහිටුවා ඇති නාවික කෟතුකාගාරය සදහන් කල හැකිය. වර්ෂ 1153-1186 කාලය තුල රාඡ්‍යත්වය හෙබවු 1 වන පරාක්‍රමභාහු රඡතුමා මෙම ස්ථානය ඉන්දියාවේ පාන්ඩය දේශය ආක්‍රමනය කිරීම සිය පාබළ හමුදා පිටත් කර යැවීමට භාවිතා කළ ආරක්‍ෂිත බළකොටුවක් වශයෙන්ද විශ්වාස කෙරේ තවද ඹහු බුරුම දේශයට එරෙහිව සිය නාවික බළකාය පිටත් කර හැරීම පිණිසද මෙම බළකොටුව භාවිතා කර ඇති බව විශ්වාස කෙරේ. තවද කෞතුකමය වශයෙන් වැදගත් වස්තූන්ගෙන් පොහොසත් මෙම ස්ථානය පෞරාණික බවින් මෙන්ම හාත්පස මනරම් දර්ශනයන් ගෙන්ද ඉහල වටිනාකමක් උරුමකරගෙන ඇත මෙහි ඇති කෞතුක භාණ්ඩ අතර පැරණි සිතියම්,හමුදා නිල ඇදූම්,බෝට්ටු සහ කුඩා යාත්‍රා මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනා කමින් ඉතාමත් ඉහල රාඡකීය තුවක්කු බලකාය සාදවා පැවති කාලතුවක්කු අවි,ස්වංක්‍රීය ගිනි අවි,රයිෆල් සහ විවිධ ආයුධ වර්ග මෙන්ම ඹවුන්ගේ ‍වෛද්‍ය උපකරණ රාශියක් ද දක්නට ලැබේ. මෙම ස්ථානයේ දක්නට ලැබෙන ආකර්ශනීය ප්‍රදර්ශන භාණ්ඩය වන්නේ පටු මුහුදූ ප්‍රවේශයක් තුලින් වරායට ඇතුල් වන සතුරු නෞකා විනාශ කිරීමට ඉලක්ක කර පිහිටුවා ඇති අගල් 6 කාලතුවක්කු පංතියයි අද පවා එම විශාල කාලතුවක්කු ආයාසයකින් තොරව පහසුවෙන් හැසිරවිය හැකි අතර ඉතා සුක්‍ෂම ලෙස ස්ථාන ගත කර කදවුරෙහි ආරක්‍ෂාව තර කර තිබේ.

තවද සුවිශේෂි තාක්‍ෂණික ක්‍රම උපයෝගී කරගෙන ඉදිකර ඇති භූගත උමං මාර්ග මගින් ඉහත කාලතුවක්කු සදහා අවශ්‍ය උණ්ඩ ඉතා පහසුවෙන් සහ ආරක්‍ෂාකාරීව ගෙනයාමේ පහසුව සලසා ඇත.මෙම අතීත තාක්‍ෂනික ක්‍රමව්දයන් වර්ථමාන යුධ විශේෂඥන් පවා විශ්මයට හේතු වී ඇත වර්ථමානයේ මෙම කෞතුකාගාරයට අයත් HOOD TOWER නැමැති ගොඩනැගිල්ල අතීතයේදී ඉංදියාවේ සිටින අණදීම් සිදු කල බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ප්‍රාදේශිය ආඥාපති වරුන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීම පිණිස යොදාගත් ආරක්‍ෂක මූලස්ථානයක් වශයෙන් යොදාගෙන ඇත. දෙවන ලෝක යුද්ධය සමයේ නාවික අද්මිරාල් වරයෙකු වශයෙන් කටයුතු කල අද්මිරාල් සැමුවෙල් හුඩ් සිහිවීම පිණිස මෙම ගොඩනැගිලි වලට එම නම ලබා දී ඇත. මෙම ගොඩනැගිල්ල මතට ගොඩවූ විට ත්‍රිකුණාමලය වරායේ හාත්පස දර්ශනයක් ඉතා මැනවින් නැරඹීමේ යැකියාව ඇත. ‍එමෙන්ම සූර්යාගේ ,චන්ද්‍රයාගේ ,ග්‍රාහකයන්ගේ සහ තාරකාවල හැසිරීම් නිරීක්‍ෂණය කල හැකි කදිම ස්ථනයක් වශයෙන්ද මෙය සදහන් කල හැකිය. තවද LTTE මුහුදු කොටි බලකාය සතුව තිබී අල්ලාගත් ඹවුන්ගේ නිලඇදුම් ,යාත්‍රා ,අවි ආයුධ සහ සබ්මැරීන් භාණ්ඩවල දුර්ලභ එකතුවක්ද මෙහෙදී දක්නට ලැබේ. ශ්‍රිලංකාවේ අතීත හා වර්ථමාන නාවික විකාශය පිලිබදව සුවිශේෂි මතක සටහන් රාශියක් සමන්විත නාවික කෞතුකාගාරය සිය ජීවිතය තුල නොවරදවාම නැරඹිය යුතු පුරාවිද්‍යාත්මක වටිනාකමින් ඉතා ඉහල ස්ථානයක් ලෙස සැලකිය හැකිය.

නාවික කෞතුකාගාරය
නාවික කෞතුකාගාරය
නාවික කෞතුකාගාරය