_Squadron_Pin.png)













වේග ප්රහාරක යාත්රා පළඳනාව
_Squadron_Pin.png)
වේග ප්රහාරක යාත්රා පළඳනාව පහත සුදුසුකම් සපුරාලන නාවික පුද්ගලයන්ට තාවකාලික හෝ ස්ථීර පදනම මත පිරිනමනු ලැබේ.
තාවකාලික ප්රදානය
පහත නාවික පුද්ගලයන් මේ සදහා සුදුසුකම් ලබයි.
* අණදෙන නිලධාරි (4 වන වේග ප්රහාරක යාත්රා බලඝණය), බලඝණ අණදෙන නිලධාරි, පුහුණු විධායක.
* වේග ප්රහාරක යාත්රා වලට අයත් සියළු නිළධාරීන්/ නාවිකයන්.
* හතරවන වේග ප්රහාරක යාත්රා බලඝණයේ පුහුණු සංචිතයට අයත් සියළු නිළධාරීන්/ නාවිකයන්.
* හතරවන වේග ප්රහාරක යාත්රා බලඝණයේ කාර්ය මණ්ඩලයට අයත් ඕනෑම නිළධාරීයෙකු/ නාවිකයෙකු එහි අණදෙන නිලධාරිගේ නිර්දේශයට සහිතව.
ස්ථීර ප්රදානය
පහත සුදුසුකම් සපුරාලන නාවික පුද්ගලයින් මේ සඳහා සුදුසුකම් ලබයි.
* ක්රියාකාරී වේග ප්රහාරක යාත්රාවක අවම වශයෙන් අවුරුදු 01 ක් සේවය කර තිබීම.
* කිසියම් නිලධාරියෙකු/ නාවිකයෙකු වේග ප්රහාරක යාත්රාවක සේවය කරමින් සිටින අවස්ථාවකදී ඔහු ප්රහාරයකින් තුවාළයට පත්වූව හොත් සහ එම තුවාල තත්වයන් නිසා ඔහුට අඛණ්ඩව වේග ප්රහාරක යාත්රාවක සේවයේ යෙදීමට නොහැකි අවස්ථාවක ඔහුගේ සේවා කාලය සැලකිල්ලට ගනු නොලැබේ.
පළඳන ආකාරය
මෙය පැළඳිය යුත්තේ වම් පස සාක්කුවට මැදින් පදක්කම් පළඳනාවට අඟල් 0.25 ක් ඉහළිනි.
මුහුදු සංග්රාමික පළඳනාව

පහත සඳහන් සුදුසුකම් සපුරාලන අවම වසර 04 ක් සංග්රාමික මුහුදු සේවා කාලයක් සම්පුර්ණ කර තිබෙන නාවික පුද්ගලයින්.
නිළධාරීන්
* මුලික පුහුණුවට අදාළ මුහුදු සේවා කාලය සැලකීමට භාජනය වේ.අවම වසර 06ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
* ලුතිනන් නිළයට උසස් වී තිබීම(සේවා ප්රවේශ නිළධාරීන්ට මෙය අදාළ නොවේ).
නාවිකයන්
* අවම වසර 6ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
* නායක නැවි තරාතිරමට උසස් වී තිබීම.
පළඳන ආකාරය
මෙය පැළඳිය යුත්තේ වම් පස සාක්කුවට මැදින් පදක්කම් පළඳනාව අඟල් 0.25 ක් ඉහළිනි.
ශිල්පීය අංශයේ නාවිකයන්ගේ පළඳනාව

ශිල්පීය අංශය සඳහා බඳවාගන්නා නාවිකයන් IV වන පංතිය වෙත උසස්වීම් ලැබූ විට, මෙම පළඳනාව නිකුත් කරනු ලැබේ.
පළඳින ආකාරය
මෙය පැළඳිය යුත්තේ වම්පස සාක්කුවේ ඉහල දාරයට අඟල් 0.25 පහළින් හරි මැදින්ය.
ප්රශංසාත්මක පළඳනාව

නාවික හමුදාපති විසින් ප්රශංසනාත්මක ලිපි ප්රදානය කර ඇති, පුද්ගලයන්ට මෙම පළඳනාව නිකුත් කෙරේ. පළඳනාව මත සටහන් කර ඇති තරු වලින් නිකුත් කර ඇති ප්රශංසනාත්මක ලිපි ගණන දැක්වේ.
පළඳින ආකාරය
මෙය පැළඳිය යුත්තේ වම්පස සාක්කුව මැදින් සාක්කුවේ ඉහල දාරයට අඟල් 0.25 පහළිනි.
කිමිදුම් පළදනාව

කිමිදුම්කරුවකු ලෙස සුදුසුකම් ලත් සියලු නිළධාරීන්/නාවිකයින් මෙම පළදනාව පැළදීමට සුදුසුකම් ලබයි. එසේම කිමිදුම් අංශයට අනුයුක්ත සියලුම නාවික පුද්ගලයින්ට මෙම පළදනාව පැළදීමේ හැකියාව ඇත.
පළඳින ආකාරය
මෙය පැළදිය යුත්තේ දකුණු පස සාක්කුවට මැදින් නාම පළදනාවට අඟල් 0.25 ක් ඉහළිනි.
බෝම්බ නිෂ්ක්රීය පළඳනාව

මාස 03 ක බෝම්බ නිෂ්ක්රීය පාඨමාලාවක් හදාරා සමත්වී ඇති ඕනෑම නාවික පුද්ගලයෙකුට මෙම පළදනාව සිය නිල ඇඳුම සමග පැළදිය හැකිය.
පළඳින ආකාරය
මෙය පැළඳිය යුත්තේ දකුණු පස සාක්කුවට මැදින් නාම පළදනාවට අඟල් 0.25 ක් ඉහළිනි.
පැරෂුට් පළඳනාව

මූලික පැරෂුට් පාඨමාලාව සාර්ථක ලෙස සම්පූර්ණ කර ඇති, නිළධාරීන්/නාවිකයින් මෙම පළදනාව පැළඳීමට සුදුසුකම් ලබයි. තවද, මේ සඳහා එක් රාත්රී පැරෂුට් පිනුමක් සහිතව පැරෂුට් පිමි 05 ක් සම්පූර්ණ කර තිබිය යුතුය.
පළඳින ආකාරය
මෙය පැළඳිය යුත්තේ දකුණු පස සාක්කුවට මැදින් නාම පළඳනාවට අඟල් 0.25 ක් ඉහළිනි.
විශේෂ යාත්රා බලඝණ පළඳනාව

විශේෂ යාත්රා බලඝණයට අදාළ මූලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර ඇති නිළධාරීන්/ නාවිකයින් හට මෙම පළඳනාව පැළඳීමේ හැකියාව ඇත.
පළඳින ආකාරය
මෙය පැළඳිය යුත්තේ දකුණු පස සාක්කුවට මැදින් නාම පළඳනාවට අඟල් 0.25 ක් ඉහළිනි.
විනයාරක්ෂක අංශ පළඳනාව

නාවික විනයාරක්ෂක අංශයට අනුයුක්ත සියලු නිළධාරීන්ට මෙම පළඳනාව පැළඳීමේ හැකියාව ඇත.
පළඳින ආකාරය
මෙය පැළඳිය යුත්තේ දකුණු පස සාක්කුවට මැදින් නාම පළඳනාවට අඟල් 0.25 ක් ඉහළිනි.
නාවික අවි උපදේශක පළඳනාව

අවි උපදේශක අංශයට අයත් සියලුම නාවිකයන් හට මෙම පලදනාව පැලදීමට හැකියාව ඇත.
නාවික සරඔ උපදේශක පළඳනාව

සරඔ උපදේශක අංශයට අයත් සියලුම නාවිකයන් හට මෙම පලදනාව පැලදීමට හැකියාව ඇත.
නාවික බුද්ධි පළඳනාව

ස්ථිර හා තාවකාලික පිරිනැමීම් යටතේ නාවික බුද්ධි අංශයට අයත් සියලුම නිලධාරීන් සහ නාවිකයින් හට මෙම පලදනාව පැලදීමට හැකියාව ඇත.
පළඳින ආකාරය
මෙය පැළඳිය යුත්තේ තම නිළ ඇදුමේ දකුණු පස නාම පුවරුවට අගල් 0.5 ක් ඉහලින් ඊට හරි මැදින් පිහිටන සේය.
නාවික උපදේශක පළඳනාව

නාවික උපදේශක රාජකාරීන් වල යෙදෙන සියලුම නිළධාරීන් හා නාවිකයන් හට මෙම පලදනාව පැලදීමට හැකියාව ඇත.
පළඳින ආකාරය
මෙය පැළඳිය යුත්තේ තම නිළ ඇදුමේ දකුණු පස නාම පුවරුවට අගල් 0.5 ක් ඉහලින් ඊට හරි මැදින් පිහිටන සේය.
මැරීන් බලඝණ පළඳනාව

Naval Officers & Sailors who are in Naval Marine are eligible to wear Marine Insignia.
How to wear
The Naval Marine Badge should be worn in the centre of the right pocket and 0.25 inches above the top level of the name tally.