මෙහෙයුම් ව්‍යුහය
උපායමාර්ගික වැදගත්කම
නාවික හමුදා මූලස්ථානය
බත්තරමුල්ල පිහිටි නාවික හමුදා මූලස්ථානයේ සිට නාවික හමුදාවේ මෙහෙයුම් සහ පරිපාලනමය කටයුතු මෙහෙයවිම සිදු කරනු ලබන්නේ නාවික හමුදාපති තුමන් විසින්ය. මාණ්ඩලික ප්‍රධානී අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් කළමනාකරණ මණ්ඩලයේ (Board Of Management) සහ මෙහෙයුම් මණ්ඩලයේ (Board Of Directors) අධ්‍යක්ෂ වරුන් විසින් සහය විමට සූදානමින් සිටී.
විධානයන්
පරිපාලනමය සහ පාලනමය පහසුව පිණිස, ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශ සහ සමුද්‍ර අාශ්‍රිත කලාප ප්‍රධාන නාවික විධාන 07 කට බෙදා වෙන් කර ඇත. සිය නෞකා, යාත්‍රා සහ රථ වාහන වල කාර්යක්ෂම නඩත්තුව සඳහා සෑම විධානයකම වරාය, කඳවුරු, වැඩ බිම් සහ අනෙකුත් පහසුකම් ස්ථාන ගත කර ඇත.
මෙහෙයුම් සිතියම: ප්‍රදේශ විධාන හතක්
● නැගෙනහිර
● උතුරු
● බටහිර
● දකුණු
● වයඹ
● උතුරු මැද
● දකුණු නැගෙනහිර