ඉතිහාසය

ඉන්දියන් සාගරයේ මුහුදු මාර්ගයට මැදිව පිහිටි ශ්‍රී ලංකාව නාවිකයින්ගේ නිබද අවධානයට යොමුවිය. 1937 දී Ceylon Naval Volunteer Force ආරම්භ කරන ලදි. දෙවන ලෝක යුද්ධය අවසානයත් සමගම රාජකීය නාවික හමුදාව විසින් CNVF බ්‍රිතාන්‍ය නාවික හමුදාව යටතට ගන්නා ලදි. එතැන් පටන් එය හැදින්වූයේ Ceylon Royal Naval Volunteer Reserve (CRNVR) ලෙසයි. බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලබා ගැනීමත් සමගින් ස්ථිර නාවික හමුදාවක් පිහිටුවීමේ මූලික අඩිතාලම වැටුනි. 1950 දෙසැම්බර් 09 වන දින නාවික පනත් නීති ගත කළ අතර, එමගින් Ceylon Royal Navy පිහිටුවන ලදි. 1972 හදුන්වා දුන් නව ව්‍යවස්ථාවත් සමගම Royal Ceylon Navy නම ඉවත් කර, ඒ වෙනුවට ශ්‍රී ලංකා නාවික හමුදාව (Sri Lanka Navy) ලෙස නාමය වෙනස් කරන ලදී.

නාවික හමුදාවේ විකාශනය (යුද්ධය වන විට නාවික හමුදාව)

1973 වන තෙක් ශ්‍රී ලංකාව හැදින්වූයේ Ceylon යන නමිනි. ශ්‍රී ලංකාව තුළ නාවික හමුදාවේ ක්‍රියාකාරකම් සිදුකරනු ලැබුවේ බ්‍රිතාන්‍ය යටත් විජිතයට අවශ්‍ය ආකාරයෙනි. එසේම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සිය ගෝලීය අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමේ අරමුණු වලට සමගාමීව යටත් විජිත තුළ සිදුකළ කටයුතු හැඩගස්වන ලදි. මෙරට මුහුණ දුන් ලෝක යුද්ධ දෙකෙන් පළමු වැන්නේදී, ජර්මානු සෙබළුන් ඉන්දියන් සාගර කලාපය ආක්‍රමණය කල අතර, එහිදී බ්‍රිතාන්‍ය හමුදාවන්ගේ නැව් දරුණු ප්‍රහාරයකට ලක්විය. මේ සමගම ජර්මනියේ නැගී සිටීම සිය ආධිපත්‍යට තර්ජනයක් බව බ්‍රිතාන්‍යට හැගී ගියේය. ඒ අනුව 1932 ලන්ඩන් නුවර පැවැත්වූ Imperial Defense Conference (ආරක්ෂක සම්මන්ත්‍රනයේදී) සිය යටත් විජිතයේ සියළුම පාර්ශ්වයන් සියළු වෙනස්කම් ඉවතලා අධිරාජ්‍යයේ සීමාවන් රැකගැනීමේ සිය සමූහ දායකත්වය ලබාදෙන බවට නියමයන් පනවන ලදි.

Volunteer Naval Defense Force Ordnance No. 1 of 1937 දරණ ආඥා පනත මගින් පහත නියමයන්ට ශ්‍රී ලංකාවේ එකගතා‍වය ලබාදෙන ලදි.

History

1938 ජනවාරි මස ප්‍රථම වරට නිලධාරින් අධිකාරියට පත්කිරීමට සිදුවිය. එහිදී ඉංග්‍රීසි ජාතික නාවිකයන් දෙදෙනෙකුත් ශ්‍රී ලාංකීය නිලධාරීන් අතර (ගෙවීම් නිලධාරි) ලුතිනන් EFN ග්‍රේටියන් (පසුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු) සහ D සුසන්ත ඩී ‍‍‍ෆොන්සේකා (පසුව බුරුම සහ ජපන් තානාපති) යන නිලධාරීන් විය.

History

CNVF හි අණදෙන නිලධාරි ‍ලෙස ක්‍රියාකළේ කොමාන්ඩර් WG Beancham නිලධාරීතුමන්ය. (JM Robertson & Company Ltd. හි අධ්‍යක්ෂක) ඉන් අනතරුව අත්දැකීම් බහුල බ්‍රිතාන්‍ය නාවික පිරිසක් සහ ලාංකිකයින් බොහෝ පිරිසක් නිලධාරීන් ලෙස නාවික හමුදාවට එක් වූ අතර, ඒ සමගම නාවික පුහුණු කටයුතුද ආරම්භ කරන ලදි. මීට සමගාමීව යුධ උපකරණ මෙහෙයවීම පිළිබදව දැනුම ඇති අවිකරුවන් කණ්ඩායමක්, සංඥා පිළිබද ක්‍රියාකිරීමේ හැකියාව ඇති සංඥාකරුවන් කණ්ඩායමක්, සෙසු නාවික කටයුතු සදහා තවත් නාවික පිරිසක් හා එන්ජින් යන්ත්‍ර ක්‍රියාවෙහි අත්දැකීම් ඇති කාර්මික නාවිකයන් පිරිසක් නාවික හමුදාවට සම්බන්ධ විය. මේ අතර පුහුණු කටයුතු උපදේශක නිලධාරියෙකුත්, විශ්‍රාමික සුළු නිලධාරියෙකුත් එක්වන ලදි. ස්වේච්ඡා නාවිකයන් උදෙසා වන සති අන්ත පුහුණු කඳවුරු ආරම්භය සනිටුහන් වූයේ ද මෙම සමයේදීමය.

1939 අගෝස්තු 31 වන දින 2100 පැයට CNVF යුධමය රාජකාරී සදහා යොදවා ගන්නා ලදි. වසර තුනකට පසුව රාජකීය නාවික හමුදාව විසින් CNVF අතිරේක ස්වේච්ඡා බලමුළුවක් (Volunteer Reserve) පත්කර පිළිගත් අතර, එතැන් පටන් Ceylon Royal Naval Volunteer Reserve (CRNVR) ලෙස හදුන්වන ලදී. එය 1946 මාර්තු දක්වාම රාජකීය නාවික හමුදාවේ මෙහෙයුම් හා පරිපාලන විධානයන්ට යටත්ව ක්‍රියාත්මක වී ඇත. 1946 යුධ ක්‍රියාකාරකම් වල අවසානයත් සමග මෙම හමුදාව රජයේ පාලනය යටතට පත්වූ අතර, එම නම (CRNVR) නොවෙනස්ව පැවතුනි.

වර්ෂ 1939-1946 යන කාල පරාසය තුළ CRNVR මුහුදේදී මෙහෙයුම් රාජකාරි කිහිපයක් සිදුකරන ලදී. එහි ප්‍රථම උත්සාහය වශයෙන් ටග් යාත්‍රා දෙකක් වශයෙන් භාවිතා කළ Samson හා Goliath යාත්‍රා දෙක මුහුදු බෝම්බ ඉවත් කිරීමට සුදුසු යාත්‍රාවන් බවට පත් කරන ලදී. මීට අමතරව මෙම යාත්‍රා වලට සබ්මැරීන් හදුනා ගැනීමේ උපකරණ සහ ඒවාට පහරදීමේ ආයුධ වලින්ද සන්නද්ධ විය. ශ්‍රී ලංකා රජය විසින් ප්‍රථම වරට මිළදී ගත් යාත්‍රා අතර HM Ship Overdale Wyke, Okapi Semal, Sambhur, Hoxa, Balta සහ HM Tug Barnet සහ C405 යන යාත්‍රා වර්ග එක් විය.

මීට අමතරව Motor Fishing Vessels (MFV) කිහිපයක් සහ තවත් උපකාරක යාත්‍රා කිහිපයක්ද සේවයෙහි යොදවන ලදී. මෙම ‍නෞකාවල ප්‍රධානතම රාජකාරිය වූයේ වරායන් වෙත ඇති පිහිණුම් මාර්ග වලට ආරක්ෂාව සැපයීමයි. නමුත් එම සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටත සිය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට මෙම යාත්‍රා සමත්කම් දක්වන ලදී. එසේ සිදු කළ මෙහෙයුම් කිහිපයක් ‍මේ ආකාරයට දැක්විය හැකිය.

History

කැටුව යාමේ රාජකාරි : Addu, Atoll, Male, Diego සහ ඉන්දියානු වරායන් වෙත පිටත්වන නෞකා සඳහා ආරක්ෂාව සැපයීමත් Queen Mary, Queen Elizabeth, Mauritania සහ Aquitania (මේවා දැන් භටයින් ප්‍රවාහනය කරන නෞකා ලෙස පරිවර්තනය කර ඇත) යන නෞකා සඳහා ආරක්ෂාව සැපයීමක් සිදුකරන ලදී.

නෞකාවන්ට ආරක්ෂාව සැපයීමේ රාජකාරි : දේශීය මෙන්ම Addu Atoll (කේත නාමය T) වරායන් වලදී සැකකටයුතු යාත්‍රාවන්ගෙන් විය හැකි ආපදා සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටීම.

මුහුදේදී සිදුකරන ලද සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ මෙහෙයුම් : ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර මුහුදේ අනතුරුවලට මුහුණ දුන් නැව් සහ සබ්මැරීන වලට උපකාර කිරීම. මෙම මෙහෙයුම් වලදී ජීවිත 248 බේරා ගත් අතර, අනතුරට පත් නෞකා වරායන් වෙත ඇදගෙන ඒම ද සිදුකරන ලදී.

මුහුදු සංචාර සහ ප්‍රදීපාගාර රාජකාරි : දිවයින වටා ඇති ප්‍රදීපාගාර Minicoy දිවයින වෙත සේවය සැපයීම , කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන්ට ආරක්ෂාව සැපයීම , ආරක්ෂක ප්‍රදේශ සලකුණු කිරීම හා බෝම්බ ඇති කලාප හඳුනා ගෙන පාලනය කිරීම ආදී කටයුතු සිදු කරන ලදී.

නාවික හමුදාවේ විකාශනය ( සාමයේදී නාවික හමුදාවේ කාර්යභාරය)

යුද්ධය අවසානයත් සමහ හමුදා සේවයෙන් මුක්ත වීම ආරම්භ වන ලදී. CRNVR ලංකා රජයට නැවත භාරදුන් අතර, යුධ සමයේ එහි අණදෙන නිලධාරී ලෙස සේවය කල කපිතාන් WG Beanchamp VRD , CBE එම තනතුරෙන් ඉවත් වන ලදී. කෙසේ වෙතත් කිසියම් ප්‍රමාණයක නාවික හමුදාවන් සේවයේ යොදවා ගැනීමේ අවශ්‍යයතාවය මෙහිදී දක්නට ලැබුණි.බ්‍රිතාන්‍යන්ගේ අදහස වුයේ සාමකාමී වාතාවරණයක් තුල කුඩා හමුදාවක් පවත්වා ගැනීම වූ අතර, ලක් රජය ද නාවික හමුදාවක් තැනීමේ ආශාවෙන් පසුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස නිලධාරින් 9 දෙනෙකුගෙන් සහ නාවිකයින් 91 දෙනෙකුගෙන් සමන්විත අණදෙන නිලධාරි කොමාණ්ඩර් GRM De Mel මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාවේ නැවත උප්පත්තිය සනිටුවහන් විය.

1946-1956 කාලය තුලදී අනාගත නාවික හමුදාවේ හැඩය තීරණය විය. මෙහිදී නාවික හමුදාවක සාම්ප්‍රදායික හැඩයත්, එය මුහුණදුන් සිදුවීම්වලින් ලද පන්නරයත් ඉවහල් විය. මෙහි ප්‍රථම අදියර වශයෙන් මෙතෙක් පැවති සියලු පැරණි පරිචිඡේදයන් වසා දමා ඒ වෙනුවට නව පරිච්ඡේදයක් නාවික හමුදාව තුල ආරමිභ කරන ලදී. මීට සමගාමීව කොච්චිකඩේ බැරැක්කය අධිකාරියට පත්කල අතර, එය නාවික මුලස්ථාන පරිශ්‍රය බවට පත් විය. CRNVR හි ශක්‍යතාවය හීන නොවී පවත්වා ගැනීමටද මේ අතර පියවර කිහිපයක් ගන්නා ලදි. ඒ අතර රාජකීය නෞකාවල පුහුණුව සදහා නාවිකයින් පිටත්කර හැරීම දැක්විය හැකිය. එමෙන්ම සිවිල් ආයතන වෙත උපකාර කිරීමද මෙහිදී දක්නට ලැබුණු විශේෂ සිදුවීමක් විය. උදාහරණයක් ලෙස කොළඹ වරායට ආරක‍්ෂාව සැපයීම නාවික රාජකාරි‍යක් බව‍ට පත්විය‍‍. එසේම උද්ඝෝෂණ අවස්ථාවලදී ටග් ‍යාත්‍රා, සංඥා මධ්‍යස්ථාන හා යාත්‍රා වෙත ආරක්ෂාව සැපයීමද සිදුවිය. තවද (Stanly Poser Station, Municipal Pumping Station) වැනි වැදගත් ස්ථාන වල වැඩ වර්ජනවලට ආරක‍්ෂාව සැපයීම නාවික රාජකාරි‍යක් බව‍ට පත්විය‍‍. 1947 සිදුවූ මහා ගංවතුර අවස්ථාවේ නාවික හමුදාව සිය ‍යාත්‍රා ර‍ට තුලට ගෙනවිත් ගංවතුර සහන සැලසීමේ කටයුතුවලට දා‍යක විය‍.

මෙම වකවානු‍වේ සිදුවූ තවත් ප්‍රකට සිදුවීම් දෙකක් ‍ගෙන හැර දැක්වි‍ය හැකිය‍. ‍ඉන් එකක් නම් අඩි 75ක් දිග ටොන් 55 ක් බර ටෝලර් ‍යාත්‍රාවක් සිඩ්නි නුවර සි‍ට කොළඔ‍ට ‍යාත්‍රා කිරීම වේ. CRNVR හි දීර්ඝතම මුහුදු ගමන ලෙස මෙය වාර්තා වන අතර, ඒ සදහා ‍සැතපුම් 8000ක දුරක් මාස දෙකක කාලයක් පුරා ‍ගෙවා දැමීම‍ට සිදුවිය. ලුතිනන් කොමාණ්ඩ‍ර් Car Oulmus මහතා විසින් එය කොතරම් දුෂ්කර කට‍යුත්තක් වී දැ‍යි පසුව ප්‍රකාශ කරන ලදී. මෙම මුහුදු සං‍‍චාරයෙන් ඉතා කෙ‍ටිකලක‍‍ට පසුව හෙතෙම මරණයට පත්විය‍. අනිත් ප්‍රධානතම සිදුවීම නම් 1946 ලන්ඩන් හි පැවති විජයග්‍රහණ පෙළපාලියට ලංකා නාවික පිරිසක් සම්බන්ධ වීම‍යි.‍ මේ සදහා ලුතිනන් R කදිරගාමර් හා තවත් නාවිකයින් 17 දෙනෙකු සහභාගි විය.

1948 පෙබරවාරි 04 වන දින බොහෝ කාලයක් බලාසි‍ටි නිදහස උදාව සිදුවිය. උදාවු නව නිදහසත් සම‍ගම CRNVR රාජකීය නාවික හමුදාව සිය ක‍ට‍යුතු සිදු කිරීමේ වගකීම භාර ගන්නා ලදී. ඒ ‍‍අනුව නිද‍‍හස් දින‍ය වෙනුවෙන් සංවිධානය කර තිබු උත්සව කට‍යුතු Gloucester හි ආධිපාදවරයා වෙත සම්මාන මුරයක් පිදීමේ කට‍යුතු හා පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් ආරම්භ කිරීමේ කටයුතු වලදී සිය දායකත්වය සපයන ලදී.

History

ඉතා කුඩා මට්ටමෙන් ඇර‍ඹි මෙම හමුදාව ක්‍රමයෙන් වර්ධනය වීම දක්නට ලැබුණි. එය ප්‍රමාණයෙන් මෙන්ම ගුණාත්මක බවින්ද වැඩිවීම ආරම්භ විය. හමුදා සේවයෙන් ඉවත් වු බොහෝ CRNVR පුද්ගලයින් නැවත සේව‍යට එක්වීම‍ද මෙම කාලයේ දක්න‍ට ලැබුණු සුවිශේෂ සිදුවීමක් විය. ආධුනික නාවික‍යින්, තාක්ෂණික ශිල්පීන්, නිලධාරි බඳවාගැනීම්, ඉඳුරාම බඳවාගැනීම්, වැනි සංචිත‍යන් මගින් නව ජව‍යක් නාවික හමුදාවට එක්වන ලදී. එම පුද්ගල‍යන් පුහුණුව සඳහා විදේශ රටවලට යැවු අතර, නාවික හමුදාව හොඳ ම‍ට්ටමේ ධජ නෞකාවක් ලබා ගැනිමේ බලාපොරොත්තුවෙන් සිටියේ මෙම කාල‍ය තුළයි.

1949 දී බ්‍රිතාන්‍ය මුල්‍ය ආධාර ඇතිව M S Flying Fish නැමති යුධ නෞකාවක් ශ්‍රී ලංකාව‍ට ලබාදුන් අතර, පසුව එ‍ය එවකට සිටි DS සේනානායක ශ්‍රීමතානන් විසින් HMCYS වි‍ජ‍ය ලෙස නම් තබා අධිකාරි‍යට පත් කරන ලදී. රාජකී‍ය නාවික හමුදාව ‍යටතේ අත්දැකීම් ලබාගත් කුඩා නැව් කණ්ඩායමක් මෙම නෞකාව සිංගප්පූරුවේ්දී සියතට ගෙන ත්‍රිකුණාමලය දක්වා ගෙන ‍එන ලදී.‍ මෙහිදී ලාංකිීය නාවික‍යන් පිරිසක් විසින් නෞකාව බාරගත් අතර තවත් නාවික පිරිසක් විසින් එය පිරිසිදු කිරීමේ ක‍ටයුතු ආරම්භ කරන ලදී. අනතුරුව එ‍ය ලුතිනන් R කදිරගාමර් යටතේ කොළඹ වරා‍යට සේන්දු වු අතර, එතැනින් ගාල්ලටත් ගාල්ලෙන් හම්බන්තොටටත් පි‍ටත්වු අතර එහිදී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත විය.

විජය නෞකාව පැමිණීමත් සමග නාවික හමු‍දාවට සි‍ය සමුද්‍රිීය ක්‍රියාකාරකම් ආරම්භ කිරීමේ පහසුව සැලසුනි. පෝක් සමුද්‍ර සන්ධි‍ය ආශ්‍රිත ජාවාරම් මැඩලිීම, අනවසර සංක්‍රමණ නැවැත්වීමේ මෙහෙයුම් මේ සමග ආරම්භ විය. එසේම කච්චතිව් දුපත ආශ්‍රිතව ‍යුධ අභ්‍යාස සිදුකරන ලදී. විජ‍ය නෞකාවේ ප්‍රධානතම භූමිකාව වූයේ සමුදුරෙහි සිදුකරන මෙහෙයුම් සහ එහි ජීවන රටාව පිලිබදව අත්දැකිමක් ලබා දීමයි. තවත් විටෙක මෙම නෞකාව HMS Kenya නම් නැගෙනහිර ඉන්දී‍ය නාවික බලඇණියට අයත් ධජ නෞකා සම‍ග බුරුම‍යට ගමන්‍ ගන්නා ලදී. ඒ MHS Kenya නෞකාවේ රැගෙන ‍යමින් තිබු බෞද්ධ ධාතුන් වහන්සේලාගේ ආරක්ෂාව පිණිසය. එය විජ‍ය නෞකාව බුරුම‍යට ගමන් කල ප්‍රථම අවස්ථාව ලෙස සනි‍ටුහන් වේ.

මේ අතරතුර නිත්‍ය නාවික හමුදා පිහි‍ටුවීම සඳහා නීතිරීති සකස් කරමින් පැවතුනි. එම කටයුතු අවසන්වීමට ප්‍රථමයෙන් කොමාණ්ඩර් GRM ද මෙල් වසරක පුහුණුවක් සඳහා එංගලන්තය බලා පිටත්වු අතර රජයේ නාවික උපදේශක වශයෙන් කටයුතු කල කපිතාන් WE Banks CDB, DFC එම තනතුර‍ට පත්වන ලදී. 1950 දෙසැම්බර් 9 වන දින නාවික පනත පාර්ලිමේන්තුවේදි සම්මත වි‍ය. කපිතාන් Banks නාවික හමුදාවේ අණදෙන නිලධාරි ලෙස පත්වු අතර, 1937 සි‍ට ස්ථීර හෝ ස්වේච්ඡා නාවික හමුදාවේ සේවය කළ පුද්ගලයින් Royal Ceylon Navy සාමාජිකයින් ලෙස පිළිගැනුනි.

නාවික හමුදාවේ විකාශනය(හැඩගැස්වීමේ අවධිය)

මෙය නාවික හමුදාවේ භුමිකාව හැඩගැසීමේ අවධි‍යයි. මේ වන වි‍ටත් නාවික හමුදාව කොළඹ වරායට ආරක්ෂාව සැපයිමෙන් සිවිල් බලාධිකාර වලට අවශ්‍ය ආරක්‍ෂක සේවා සැප‍යිමත් යන කටයුතු ආරම්භකර තිබුණි. විජය යාත්‍රාවේ ආගමන‍යත් සමග ජාවාරම් මැඩලීමේ ක්‍රි‍යාකාරකම් සහ අනවසර සංක්‍රමණ පිටු දැකිමේ මුර සංචාර තර කර තිබුණි. මේ අනුව නාවික හමුදාවේ ප්‍රතිපත්තිීන් හැඩගැන්වීමේ වගකීම එවක‍ට නාවික හමුදාවේ සි‍ටි සි‍යලු කපිතාන්වරුන්ගේ සහ සියලු නිලධාරීන්ගේ කරමත පැ‍ටවුනි.

History

මීළගට ප්‍රධානතම අභියෝගය වූයේ ඉක්මනින් මෙහෙයුම්, ක්‍රියාකාරකම් ආරම්භ කිරීමේ අවශ්‍යතාවයයි.වෙරළබඩ පිහිට වූ කුඩා කඳවුරක් ලෙස HMCYS කල්ආරු පිහිටවූ අතර එය උතුරු ප්‍රදේශයෙන් ස්ථාන ගත කළ ප්‍රථම කඳවුරු ලෙස නම් කළ හැකිය.නමුත් වෙරළ ආශ්‍රිත මුර සංචාර දියත්කිරීමට සුදුසු කුඩා යාත්‍රාවක් නොමැති කමින්, නාවික හමුදාව කල් ගෙවූ සමයක් ලෙස මෙම කාලය දැක්විය හැක. මුර සංචාරක යාත්‍රාවක් පැමිණෙන තෙක් කල්ආරු කඳවුර අතහැර දැමූ අතර, තලෛයිමන්නාරම ප්‍රදේශයේ HMCYS එළාර කඳවුර ස්ථාපිත කරන ලදි. ඒ සමග වරාය හා රේගු අධිකාරියෙන් ලබා ගත් යාත්‍රා යොදා ගනිමින්, මුර සංචාර වල නිරත වීමට ද නාවික හමුදාව සමත්විය.ඉතාමත් කෙටි කාලයකින් මහත් අපේක්ෂාවෙන් සිටි යාත්‍රා ලබා ගැනිමට නාවික හමුදාව කටයුතු කළ අතර, එළාර කඳවුර කරෛයිනගර් වෙත යොමු කරන ලදි. නාවික හමුදාව අන්තර්ගත යාත්‍රා සමූහය අතර කොටියා,හංසයා,ලිහිණියා ලෙස මුර සංචාරයෙහි යෙදිය හැකි යාත්‍රා සහ සේරුවා.දියකාවා,තාරාවා,කොරවක්කා ලෙස කෙටි දුර මුර සංචාරක යාත්‍රාද විය.මීට අමතරව විජය නෞකාව හෙවත් සමුද්‍ර සංදියේ ආශ්‍රිත මුර සංචාරයන් යෙදුන අතර එමගින් රේගුව මගින් නාවික නිලධාරින් ගේ කටයුතු වලට තිබූ සීමාද මේ සමග පහව යන ලදි.

විජය නෞකාව පුහුණු නෞකාවක කාර්ය භාර්ය ඉටු කරමින් විදේශ සංචාර මාලාවකට එක්වීම ද මෙම වකවානුව තුළ දී දක්නට ලැබිණි.ඒ අතරින් 1951 අමාත්‍ය සර් ජෝන් කොතලාවල මහතා සමග මාලදිවයිනේ කළ සංචාරයත්, 1953 ශ්‍රී ලංකා ජනරජයක් බවට ප්‍රකාශ කිරීමෙන් පසු සිදු කල සංචාරයත්, 1954 දී ස්වේච්ජා නාවික හමුදාව නාවිකයන් පිරිසක් සමග කළ පුහුණු සංචාරයත් කැපී පෙණේ. මීට අමතරව Pont Blair (අන්දමන් දූපත් ),බොම්බාය , මදුරාසිය හා කොචින් වෙත කළ පුහුණු සංචාර ලෙස දැක්විය හැකිය.1956 වසරේ ත්‍රෛයි නිකායික මහා සංඝරත්නය ප්‍රමුඛ, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් රැගෙන ධර්ම සංඝායනාවක් සඳහා බුරුමය සඳහා ගිය ගමනද විජය නෞකාවේ එ‍ෛතිහාසික සංචාර අතරට එක්වේ. මෙහිදී මානවයා වශයෙන් ලද බෞද්ධ පිළිම වහන්සේලාගෙන් කිහිපයක් නාගදීප විහාරයේ සහ ත්‍රිකුණාමලය තිස්ස විහාරයේ තැන්පත් කර ඇත. අමතරව විජය නෞකාව 1950- 1962 කාලය තුළ වාර්ෂිකව ත්‍රිකුණාමලයේ දී පවත්වන ලද ඒකාබද්ධ ක්‍රියාකාරකම් මාලාවට ද සහභාගී විය.

මීට අමතරව, නාවික හමුදාව ගොඩබිමෙදී රජයේ ආයතන වෙත සපයමින් තිබූ ආරක‍්ෂක කටයුතු ද දිගටම පවත්වා ගෙන යන ලදි. වරාය ආරක්ෂා කටයුතු සිදු කිරීම වෙනුවෙන්, වරාය අධිකාරී නිලධාරින් ශ්‍රී ලංකා නාවික හමුදා ස්වේච්ජා බල සේනාවට බඳවාගත් අතර ඔවුන් HMCYS තිස්ස ආයතනයට අනුයුක්ත රාජකාරී වල යොදවන ලදි.එහි අණදෙන නිලධාරි ලෙස ක්‍රියා කළේ, කපිතාන් චන්ද්‍රසෝම මහතාය. කෙසේ වෙතත් මෙම අංශය 1956 වසරේදී විසුරුවා හරින ලදි.

උත්සව කටයුතු සඳහා නාවික හමුදා දායකත්වය ලබා ගැනීම මෙම සමයේදී ක්‍රමයෙන් වැඩිවෙන ලදි. ජාතික කොඩිය භාවිතයට ගැනීමත් සමග එතෙක් බ්‍රිතාන්‍ය ජාතික ධජය යොදා ගෙන පරිණාමය වූ නාවික ධජය භාවිතයෙන් ඉවත් කර ශ්‍රී ලංකා ජාතික ධජය ඇතුළත් නව නාවික ධජයක් භාවිතයට ගැනුනේ ද මෙම අවධියේය. එය ප්‍රථම වරට 1955 පැවැත්වූ නාවික හමුදා සංවත්සරයේදී ඔසවනු ලැබීය. ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමාගේ අවමගුල් පෙරහැරේ රන්සිවිගෙය රැගෙන යාමේ කටයුතු නාවික හමුදාව විසින් ඉටු කරන ලදි. 1951 දී විජය නෞකාව ඇය සතු වූ එකම 4 වන කාලතුවක්කු ආධාරයෙන් ආචාර වෙඩි මුර 21 ක් පුද කර ජාතියට සිය උත්තමාචාරය දක්වන ලදි.1953 වසරේදී විජය නෞකාව අලුත්වැඩියා කටයුක්තක් වෙනුවෙන් එංගලන්තය බලා පිටත් විය.සම්මාන මුරයක්ද මෙම සංචාරය සදහා සහභාගි විය.

History

ඇයගේ පැමිණීම බ්‍රිතාන්‍ය පුවත් පත් ඉමහත් ප්‍ර‍බා්‍ෙධයෙන් යුතුව සටහන් කරන ලදි. එක් නෞකාවක් ඇති නාවික හමුදාව යන අනුවර්ථ නාමයෙන් ලංකා නාවික හමුදාව හැදින්වීම එයට හේතු විය. රාජකීය නාවික හමුදාව මෙම අවස්ථාවේදී, තවත් එම පංතියේ නෞකාවක්( විජය II) ලබා දුන් අතර, මෙම නිසා RCyN රාජකීය නෞකා පිරික්සුමට නෞකා දෙකක් ඉදිරිපත් කිරීමේ භාග්‍ය උදාවිය.පසුව යෙදුණු එළිසබත් මහ රැජිණගේ ලංකා සංචාරයට විජය නෞකාව පැමිණියේ Gothic නම් රාජකීය නාවික හමුදාවේ කුඩා කුඩා නෞකාවන් සමගිනි.එය Queen Elizabeth Q nay නැව් තොටට සේන්දු වූ ප්‍රථම නෞකාව ලෙසද වාර්ථාවේ. පසුව මහ රැජිණ විජය නෞකාවේ සංචාරයටද එක් විය.ඊළග වසරේ නැවතත් පිලිප් කුමරු ශ්‍රී ලංකා සංචාරයක නිරත වූ අතර, ඔහු පැමිණියේ Britannia නම් රාජකීය නාවික හමුදාවට අයත් කුඩා නෞකාවකිනි.

නාවික හමුදා විකාශනය (1956 සිට 1960 දක්වා)

මුඑ මහත් ජාතීන් සමගම නව චින්තන රටාවකට හුරුවීමට මෙම කාලය තුළදී, නාවික හමුදාව ද හුරුවෙමින් පැවතිණි.විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්තීන් බවට වෙනස් වෙමින් පැවතිණි. එහෙත් නිදහසින් පසු කාල වකවානුව තුළ අත්සන් තැබුණු විවිධ ආරක්ෂක ගිවිසුම් ඉහත ප්‍රතිපත්තීන් සමග කිසියම් පරස්පර බවක් ලැබුණි.එසේම බ්‍රිතාන්‍ය ආයතන යටතේ තිබූ ත්‍රිකුණාමලය, කටුනායක හා දියතලාව පිහිටි සමහර කඳවුරු සාමකාමීව නාවික හමුදාවට පැවරීම සිදුවූයයේ ද මෙම සමයේය.

History

නාවික හමුදාවේ තරමක බොහෝ බර පැටවුණු කාල සමයක් ලෙස මෙය නම් කළ හැකි අතර නාවික හමුදාව එයින් යහපත් ප්‍රතිඑල නෙලා ගත් වකවානුවක් ලෙසද මෙම කාල සීමාව හඳුන්වා දිය හැක.දියතලාවෙහි පිහිටි සියලු පහසුකම් වලින් සම්පූර්ණ (HMS Uva) කඳවුර ලබා ගැනීම මෙන්ම අතිශය සම්පතක්ව පැවති විශාල ත්‍රිකුණාමල වරාය කඳවුර(HMS Highflyer) අත්පත් කර ගැනීම මෙහිලා සඳහන් කළ හැකිය.එය දේශපාලනික මෙන්ම නාවික හමුදාව පාර්ශ්වයෙන් ද ඉතා වැදගත් සිදුවීම් ලෙස සැලකිය හැකිය. එවක අග්‍රාමාත්‍යව සිටී එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක මහතා මෙම සිදුවීම විස්තර කළේ මෙය යටත් විජිත වාදයේ ශේෂ වූ කොටසක් ඉවත් කිරීමක් ලෙසය. එසේම එය පුර්ණ නිදහස වෙනුවෙන් ලබාගත් තවත් එක් පියවරක් ලෙසය.මෙම අවස්ථාව පාර්ලිමේන්තු නියෝජිතයන් සහ තවත් ප්‍රභුන් බෝහෝ පිරිසක් සහාය වු අතර මෙම උත්සවයේ දී රාජකීය නාවික ධජය පහත හෙලා RCYN ධජය ඔසවන ලදී.

History

එතෙක් පැවති ආරක්ෂක ගිවිසුම් අහෝසි වීමත් සමග නාවික හමුදාවේ කාර්ය්‍යභාරය වඩා විශාල වූ අතර සිය මුහුදු සීමාවේ කටයුතු ව්‍යාප්ත කිරීම සදහා නව යාත්‍රා වල අවශ්‍යයතාවයද පැනනැගුනි. මෙම අවශ්‍යයතාවයන් දෙකම සම්පුර්ණ කර ගැනීමේ හැකියාව නාවික හමුදාව සතු විය. 1951-1952 කාලය වන විට නාවික හමුදාව නිලධාරින් 48 ‍දෙනෙකුගෙන් සහ නැවියන් 510 දෙනෙකුග‍ෙන් සමන්විත ශක්තිමත් හමුදාවක් බවට පත්විය. එම පිරිස් අලුත් යාත්‍රා වෙත අනුයුත්ත කරවීමේ බලාපොරොත්තුවෙන් සිටියද ඒ වන විටත් නාවික හමුදාව සතුව පැවතියේ "විජය" "කොටියා" සහ bird පන්තියට අයත් මුර සංචාරක යාත්‍රා කීපයක් පමණි.ඉන්පසු මෙම නැව් පන්තියට අලුතින්ම එක් වූ නෞකාව වුයේ එංගලන්තයෙන් ලබා ගන්නා ලද ex HMS PICKLE (Algeran Class Minesweeper පන්තියට අයත් ) නෞකාවකි. එය පසුව "HMCYS පරාක්‍රම" ලෙස නම් කළ අතර 1958 වර්ෂයේ ලංකාවට ගෙන්වන ලදී. ඉන් පසුව "HMCYS මහාසේන" නම් තවත් කැනේඩියානු නෞකාවක්ද (කලින් HMCS VIOLETTA, ORKNEY ලෙස හදුන්වන ලදී ) සහ ඊශ්‍රායල් නෞකාවක් වන MIVTACH යන නෞකා ත්‍රිත්වය 1959 වසරේදී මෙරටට ගෙන්වන ලදී. මීට පෙර 1957 වසරේ පිලිගත් ටග් යාත්‍රාවද (HMS ADEPT ලෙස කලින් හදුන්වන ලදී) වැදගත් කොට සැලකිය හැකිවේ. මෙම යාත්‍රා සමූහයේ අවසානය ලෙස 1960 වසරේ ලබාගෙන ත්‍රිකුණාමලය වරායට ගෙන ආ ත්‍රිගේටි වර්ගයේ නෞකාව HMCYS Gajabahu( HMCS Hallowell , Israeli – Misak වශයෙන් හදුන්වන ලදී) පිළිබඳව ද සඳහන් කළ හැකිය.

මෙම කාල වකවානුව වන විට RCYN නිල් දිය (Blue Water) නාවික හමුදාවක් බවට පත්වීමේ පෙර ලකුණු පහළ කරමින් සිටී අවදියයි. JET 60 පෙර නොවු විරූ ලෙස වර්ධනය වෙමින් පැවතුණි. පොදු රාජ්‍යය මණ්ඩලයට අයත් රටවල් හයක නාවික හමුදාවන් බෙංගාල බොක්ක සීමාවේ සිදුකළ අභ්‍යාස වලටද එක්වූහ. අග්‍රාමාත්‍යතුමා වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වීමත් සමග රට මෙන්ම නාවික හමුදාවද එතෙක් බලාපොරොත්තු නොවූ අත්දැකීමකට මුහුණ දුනි. රට තුළ දේශපාලනික විපර්යාස බොහෝ ප්‍රමාණයක් සිදුවන ලදී. නාවික හමුදාවද එහි අනාගතය කෙසේ නිර්මාණය වේදෝ යන අවිනිශ්චිත භාවයෙන් පසුවූ කාල සමයක් ලෙසද මෙකී කාලසීමාව සැළකිය හැකිය.

නව භූමිකාවක් නව සිතුම් පැතුම් (1965 සිට 1970 දක්වා)

නිල් දිය (Blue Water) දිනයක් නැවත නොපැමිණෙනු ඇත. එහෙත් නාවික හමුදාව සිය අනාගතය නිර්මාණය කිරීමේ අභිලාශයෙන් අභියෝගයන් හමුවේ වුව ද ශක්තිමත්ව නැගී සිටියේය. “Emly” සුලි කුණාටුව විසින් සිදුකළ විනාශය හමුවේ, අනෙකුත් සියල්ලන්ටම පෙර සහන කටයුතු සිදුකිරීමට තරම් නාවික හමුදාව වේගවත් විය. රෝහල් ආරක්ෂක සේවා සම්පාදනය කිරීමෙහි ලා නාවික හමුදාව කැපවීමෙන් කටයුතු කරන ලදී. එසේ සිදුකළ කටයුතු අතර, ජයබාහු නෞකාවේ සහාය ඇතිව වෛද්‍ය පහසුකම් සහ ඉන්දන ප්‍රවාහනයන් ආපදාවන්ට මුහුණ දී තිබූ රජයේ නෞකා බේරා ගැනීමත් ගංවතුර වුවදුරු පවතින ප්‍රදේශ වලට පරිපාලන සේවා සැපයීමේදී අවශ්‍යය යාත්‍රා පහසුකම් ලබා දීමත් සදහන් කළ හැකිය. මේ අනුව, එසේ නැතහොත් හදිසි තත්වයන් වලදී නාවික හමුදාව නිසැක තේරීම බවට පත්විය.

History

නාවික හමුදා ඉතිහාසයත් වර්ථමානයත් අනාගතයත් දෙස සලකා බැලීමේ දී එය කුඩා යාත්‍රාවන්ගෙන් සමන්විත අවි අයුධ භාවිතය අවම නාවික හමුදාවක මට්ටමේ සිට වෙරළ ආරක්ෂක යාත්‍රා 28 කින් සමන්විත කුඩා නැව් කණ්ඩායමක මට්ටමට වර්ධනය විය.

History

එමෙන්ම අඩු පහසුකමි යටතේ වුවද සිය නාවිකයන්ගේ නාවික දැනුම වර්ධනය කිරීමට අවශ්‍යය පියවර ගන්නා ලදී. මේ අතර නාවික හමුදා මුලස්ථානයේ සහ නාවික හමුදා නිලධාරින්ගේ මනසේ ක්‍රියාත්මක වුයේ අනාගත නාවික හමුදාව කෙසේ නිර්මාණය විය යුතුද යන්නයි.අද නාවික හමුදාව සහ එහි පුද්ගලයන් සිදුකරන ක්‍රියාකාරකම් වල මූලාරම්භය ඒතාක් දුරට සමිබන්ධ කළ හැකිය. මේ අතර නාවික හා සාගරික විද්‍යාපීඨය ආරම්භ කිරීම, නාවික කිමිදුම් ඒකකය පිහිටුවීම, ජලමාන ඒකකය ස්ථාපිත කිරීම, NALP ව්‍යෘපෘතිය ආරම්භ කිරීම, වරායන්ට ආරක්ෂාව සැපයීම, රජයේ නාවික ආයතන සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යන කටයුතු සියල්ල මෙම වකවානුවේදී ඉටු කරන ලදී. එසේම එතෙක් සාක‍‍ච්ඡාවට බඳුන් වූ තවත් බොහෝ අදහස් වල ප්‍රතිඵල ඉතා ඉක්මනින් දැක ගැනීමට හැකිවිය. මේවා අතර, වෙළඳ නෞකා ආරක්ෂාව සදහා පිරිස් යෙදවීම, වරාය කටයුතු මෙහෙයවීම, Docking and Shipping නැංගූරමි පලවල් සකස් කිරීම හා ප්‍රදීපාගාර නඩත්තුව යාත්‍රා තැනීම ආදී කටයුතු ප්‍රමුඛව දක්නට ලැබිණී. මේ සියල්ල අද වන විට පසක් කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ නාවික හමුදා බුද්ධි මණ්ඩලයේ ක්‍රියාකලාපයන් වල ප්‍රතිඵලයක් ලෙසය.

නාවික නිලධාරින් සහ නැවියන් බඳවා ගැනීමේ කටයුතු ක්‍රමයෙන් ආරම්භ වූ අතර, පසුව එහි විශාල වර්ධනයක් දැකගත හැකි විය. බඳවා ගැනීම් වල ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ අතර, ඊට සමගාමීව පුහුණු ආයතන පිහිටුවීමේ කටයුතු සිදුකරන ලදී. අතීතයෙන් ලද අහිමිවීම් නැවත ප්‍රතිනිර්මාණය කළ නොහැකි වුවද, නාවික හමුදාව පැහැදිළි අනාගතයක් වෙත පිය නගන්නට විය. බඳවා ගැනීම් වලට අයත් පුද්ගලයන් දැනුමෙන් පොහොසත් අයවලුන් වූ අතර, ඊට අනුරූපීව පුහුණු කටයුතු ද තාක්ෂණික මට්ටමින් පොහොසත් විය. මේ සියලු ක්‍රියාකාරකම් සිදු වූ වකවානුවේ රජය පාර්ශවයෙන් සිදුවු ආපදාවන් කළමණාකරණය කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

1971 සිට 1983 දක්වා නාවික හමුදාව

බලාපොරොත්තු වූවාටත් වඩා ඉක්මනින් නාවික හමුදාවේ කාර්යභාරය සහ නැව් කණ්ඩායමේ සැකැස්ම පිළිබද නැවත තක්සේරුවක් කිරීමේ අවශ්‍යතාවය මේ වන විට පැන නැගුණී. 1971 ජනතා විමුක්ති පෙරමුණ, මහ මැතිවරණයෙන් මාස කිහිපයකට පසු, පොලිස් ස්ථාන වෙත එල්ල කරන ලද ප්‍රහාර පිළිබඳව ජනතාව තුල කතා බහකට බදුන්විය. බුද්ධි ජාලය ඉතා පසුගාමී බවකින් යුක්ත වු අතර, මෙම ප්‍රහාර වලින් පසු පොලිසිය, රජය හා සන්නද්ධ හමුදාවන් තිගැස්මක‍ට ලක්වි‍ය.

ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කිරිම.

මෙම අනපේක්ෂිත ප්‍රහාර මාලාවෙන් පසු ‍පෙන්නුම් කළ එක් කරුණක් වුයේ උපාය මාර්ග‍යන්හි තිබූ අඩුපාඩු සහගත ස්වභාව‍යකි. එ‍ය කැරලිකරුවන් හට කිසි‍යම් වාසි සහගත තත්වයක් උදාකර තිබු අතර ඉන් සිදුකළ බලපෑම් ‍යම් කාලයක් යනතුරු ශේෂවී පැවතුනි. එහෙත්, ස්භාවයෙන්ම අනපේක්‍ෂිත තත්ව‍යන්‍ට මුහුණදීමේ හැකි‍යාවෙන් සමන්විත හමුදාවන්‍ ගෙන් සහ රජයෙන් ලැබුණු අධිෂ්ඨානශිලි සහයෝගයන් නිසා ඇතිවෙමින් තිබු අවුල් සයගත තත්වයක් ඉතා ඉක්මනින් යහපත් අත‍ට හැරවීමට රජය සමත්විය‍. මාස කිහිපයක් තුළ කැරලිකරුවන් පරාජය කො‍ට ඔවුන්ට පුර්ණ සමාව ප්‍රදානය කරන ලදි. රට සාමකාමි මාවතකට පිවිසුනි‍.

නාවික හමුදාවට සිදුකළ බලපෑම්

ඉතා ක්‍ෂණිකව ක්‍රියාත්මක වීමේ හැකියාවෙන් සමන්විත වුවද නාවික හමුදාව පිරිස් බලයෙන් හා උපකරණ වලින් සමන්විත නොවන බව මෙ‍යින් පසක් වි‍ය. භුමියේ මෙහෙයුම් සඳහා සිය පිරිස් සම්පාදනය කිරි‍මට සිදුවු ‘ගජබාහු’ හට සිය සමුද්‍රි‍ය මෙහෙයුම් කටයුතු සදහා අවැසි පිරිස් බලය හිඟ විය. එහෙත් මුහුදු මාර්ග ඔස්සේ අවි ජාවාරමත්, කැරලි කණ්ඩායම් වෙත උපකරණ ලැබෙන බවත් ප්‍රත්‍යක්‍ෂ වන විට ලක් රජ‍ය‍ට අසල්වැසි රටවල සහ මිත්‍රශ්‍ීලි රටවල සහ‍ාය පැතීම‍ට සිදු විය‍. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දි‍යානු හා පකිස්තානු නාවික හමුදාවන් ගෙන් ශ්‍රී ලංකා මුහුදු සිමාවේ මුර සංචාර සිදුකරන මෙන් ඉල්ලා සිටිම‍ට අපට සිදුවිය‍. යුධ හා ගුවන් හමුදාවේ තත්වයද මෙයට වෙනස් නොවිනි. ජාතික අභිමානය ගැන සැලකිමේදී මෙය ඉතා ඛේදජනක තත්වයක් ලෙස පෙනෙන්නට තිබුණී‍.

අතීතයේ සිදු වු අඩුපාඩු ඉතා ඉක්මනින් නිවැරදි කරගනිමින් අනාගතය වෙත සූදානම් වීමට රජය පියවර ගත්හ. මෙහි ප්‍රතිඵලයක් ලෙස අවසාන පිරිස් බඳවාගැනිමේ කටයුතු සම්පුර්ණ කරගන්නා ලදී. ආරක්‍ෂාව පිණිස පරික්‍ෂා කිරිමේ කට‍යුතු දැඩි කරන ලදි‍. එයට ප්‍රධානම හේතුව වුයේ සියලු ආරක්‍ෂක සේවා තුළට කැරළික‍රුවන් රහසේ ඇතුලුව තිබිමයි. යාපනේ මුන්වේස්වරම් හි සිදු වු එක් සිදුවිමකදි ජනතා විමුක්ති පෙරමුණ‍ට අයත් එක් නායකයෙක් සිය සග‍යන් වෙත එල්ල කළ ප්‍රහාරයෙන් දෙදෙනෙකු මරුමුවට පත් වූ අතර තවත් පිරිසක් තුවාළ ලැබීය. අපරාධ කරුවන්ට අවශ්‍ය දඬුවම් ලබාදෙන ලදි. නාවික හමුදාව යුධ කට‍යුතු වලදි මුහුණ දුන් ප්‍රථම අනතුර නොච්චියාගමදි මුහුණ පෑම‍ට සිදුවූයේ ද මෙම අවධියේය.

මෙම සිදුවිම් වල ප්‍රතිඵලයක් ලෙස රටේත් නාවික හමුදාව තුළත් වැදගත් සිදුවිම් කිහිපයක් සිදුවන ලදි. රටවල් බොහෝ ගණනකින් යුධ උපකරණ ලබාදුන් අතර පුහුණු කට‍යුතු සඳහා අවස්ථා විවර වි‍ය. ‍ඉන්දියාව, පකිස්ථානය ,එක්සත් රාජධානිය, ඇමරිකා එක‍්සත් ජනපදය, ඉන්දුනිසියාව, ප්‍රංශය හා රුසි‍යාව වැනි රටවල් සිය තානාපති කාර්යාල වලට ආරක්‍ෂක නිලධාරින් පත්කරන ලදි. මෙය ලෝක දේශපාලනය තුළ ලංකාවේ වැදගත්කම පිළිබඳ නව අදහසක් ඇති කිරිමට සමත් විය.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජය

1972 වර්ෂයේ දී එතෙක් පැවති ඩොමිනියන් තත්වය අතහැර දමමින් ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි ජනරජය ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. (ඩොමිනියන් නිදහස ‍යටතේ, රැජිණගේ නියෝජිතයෙකු රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලදි) ‘‘ඩොමිනි‍යන් ශ්‍රී ලංකා‍ව’’‍, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය ලෙස වෙනස් වූ අතර, Royal Ceylon Navy ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙස වෙනස් වි‍ය.

මී‍ට අමතරව අනෙකුත් ‍යටත් විජිත ‍රාජ්‍ය‍යන් සිදුකළ පරිදිම නාවික ධජයෙහි තිබු ‍‍’’ශාන්ත ‍ජෝර්ජ් කුරුස‍ය ’’ ඉවත් කිරිමද සිදුවිය. ‘‘නාවික හමුදාවේ කපිතාන්’’ (Captain of the Navy) යන යෙදුමද භාවිතයට ගන්වන ලදි. මෙම නම් තැබිම යුධ, ගුවන්, හමුදාපතිවරුන් හැදින්වීම‍ට යොදන යෙදුමට සමානව තබන ලදි. අවසාන වශයෙන් HMCyS ‍යන යෙදුමද, ශ්‍රී ලංකා ‍නාවික නෞකා (ශ්‍රීලංනානෞ) ‍යනුවෙන් වෙනස්විමට බදුන් විය.

නැව් කණ්ඩායම් ප්‍රතිස්ථාපනය

සමුදුර ක්‍රියාකාරකම් වලදී නාවික හමුදාවට අවශ්‍ය ශක්තිමත් භාවය ලබාදීම මෙහි ප්‍රධානතම අරමුණ විය. ඒ අනුව ලබාගත් ප්‍රථම නැව් කිහිපය මහජන චීන සමුහාණ්ඩුවෙන් පරිත්‍යාග කරන ලදි. එසේ ලබාගත් නැව් අතර‍ වේග ප්‍රහාරක යාත්‍රා (Fast Gun Boats) ගණයට අයත් ශ්‍රීලංනානෞ සූරයා සහ වීරයා යන නෞකා විය. මේවා 1972 වසරේදී මෙරටට ගෙන්වන ලදි.මෙම නෞකා නාවික හමුදාව සතු වූ මුර සංචාරක යාත්‍රා වලට වඩා බොහෝ සෙයින් විශාල වූ නමුත් ප්‍රධාන පෙළේ නෞකා ලෙස සැලකිමේ හැකියාවක් නොතිබිණි. මේවා කාලතුවක්කු බැ‍ටරි ප්‍රවාහනය සඳහා යොදාගන්නා ලදි. 1973 වසරේදී මෙම වර්ගයට අ‍යත් දක්ෂයා, රණකාමි හා බලවතා ‍යන යාත්‍රා තුනක් ද 1980 වසරේදි ජගතා රක්ෂක යන තවත් යාත්‍රා දෙකක් ද මිලදි ගන්නා ලදි. මේ අතර, රුසි‍යාවෙන් ත්‍යාග‍යක් වශයෙන් ලද නවීනතම නෞකාවක් වන ශ්‍රීලංනානෞ සමුද්‍රදේවි යන නමින් අධිකාරියට පත්කරන ලදී. මේ අතර සාමාන්‍ය රාජකාරි කටයුතු වල යෙදවීම සදහා මුර යාත්‍රා 5ක්ද Chererton workboat වර්ගයේ යාත්‍රා කිහිපයක්ද ඇණවුම් කරන ලදි. ඉන් ප්‍රථම යාත්‍රා දෙක සේරුවා හා කොරවක්කා ලෙස නම් කරන ලදි‍. එසේම, කොළඹ නැව් ත‍ඨාංකාගනයේ යාත්‍රා තැනිමේ කටයුතු ආරම්භ කළ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් මිටර් 40ක් දිග ‍ගැඹුරු මුහුදු පරීක්‍ෂණ මුර යාත්‍රා එක් වන ජයසාගර නෞකාව සහ සාගරවර්ධන නෞකාව තැනීම් සිදු කරන ලදි.

නාවික හමුදාව නැවත වරක් නෞකා පංතියකින් සමන්විත වූ යාත්‍රා කිරීම් ආරම්භ කරන ලදි. 1972 වසරේදී ගජබාහු මෙහෙයුම් චාරිකාවක් සඳහා මදුරාසිය බලා පිටත් වූ අතර, 1973 වසරේදී බලවතා සහ ගජබාහු නෞකා දෙකම සුහද සංචාරයක් සඳහා මාලදිවයින බලා පිටත්විය. එසේම 1974 වසරේදී නාවික හමුදාපති ධජය යටතේ අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයක් පෙරදැරිව එවැනිම සංචාරයක නිරත වන ලදි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මාලදිවයින් ශිෂ්‍යභට නිලධාරීන් දෙදනෙකු මෙරට පුහුණුවට එවීමට කැමැත්ත පලකරන ලදි. මීට අමතරව අනෙකුත් නෞකාවන් වන ගජබාහු 1976 කොචින් දක්වාද එම වසරේම සූරයා සහ රණකාමී මාලදිවයින බලාද, 1978 වසරේදී බලවතා සහ වීරයා යන නෞකාද 1981 දී ජගතා සහ රක්ෂණ නෞකා ද මාලදිවයින බලා යාත්‍රා කරන ලදි.

ලුතිනන් කොමාණ්ඩර් MH වැලිවිටිගොඩ සහ තවත් නිලධාරි සහ නාවික පිරිසක් ‘Whaler’ යාත්‍රාවකින් දිවයින වටා කළ සංචාරය ද විශේෂ කො‍ට දැක්විය හැක.

නව රාජකාරීන් / නව කටයුතු

කැරලි සමයේදී සිදුවූ ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්වීමේ කටයුතු වලදී නාවික හමුදාව යුධ හමුදාවට සහාය විය. සීමා සහිත පුද්ගල ප්‍රමාණයකින් සමන්විත වූවද නාවික හමුදාව, පොලීසියේ පාලනයට ගැනීමට අපහසු වූ ප්‍රදේශ වල ආරක්‍ෂාව තර කිරීමේ කටයුතුවල නිරත විය. අනුරාධපුර, පොළොන්නරුව, රත්නපුර ප්‍රදේශ සදහා කොමාණ්ඩර් AHA ද සිල්වා, කොමාණ්ඩර්(E) DAG ප්‍රනාන්දු සහ කපිතාන් W මොලගොඩ යන අය නාවික සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස පත්කර යවන ලදි. කලකට ඉහත සැලසුම් කළ ක්‍රියාකාරකම් සඵල වෙමින් නව කඳවුරු සහ නව වගකීම් වලින් නාවික හමුදාව පොහොසත් විය. 1973 වසරේ ශ්‍රීලංනානෞ විජය ආයතනය කල්පිටියේදී අධිකාරියට පත් කරන ලදි. තවද ලක්‍ෂපාන හිදී නාවික අනුඛණ්ඩයක් පිහිටුවන ලදි. මීට අමතරව, ලංකා නැව් සමාගමෙන් ලබාගත් වෙළඳ නෞකාවක් වන MV ලංකා කාන්ති නම් නෞකාව නාවික නිලධාරින් හා නැවියන්ගෙන් සේවයෙන් සන්නද්ධ කරන ලදි. වෙරළ යාත්‍රාවක් ලෙස සැලකෙන “මහවැලි” සහ “මාදුරු ඔය” යාත්‍රාවන් වෙතද මෙම පහසුකම් සපයන ලදි.

රාජකීය ප්‍රදීපාගාර කොමිසම සිය කටයුතු සම්බන්ධයෙන් පසුගාමී බවක් පෙන්නුම් කළ අතර එබැවින් ශ්‍රී ලංකා නාවික හමුදාව “බාබේරියන්”, ”ග්‍රේඩ් බේසන්” හා දෙවුන්දර ප්‍රදීපාගාර වල නඩත්තු කටයුතු සියතට ගන්නා ලදි.

සම්මානනීය බව
History

කැරලි කෝලාහල තත්වයන්ගේ යටපත් වීමත් සමගම, නාවික හමුදාවට මහත් අභිමානයෙන් සිය සම්මානනීය භූමිකාව නිරූපණය කිරීමේ හැකියාව ලැබුණි. 1973 වසරේ රියර් අද්මිරාල් DV හන්‍ටර් මහතා සිය දිවියෙන් විශ්‍රාම ගිය අතර ඒ සමගම නව නිලධාරි පරපුරක විකාශනය ආරම්භ විය. අද්මිරාල් හන්ටර් මහතා නාවික හමුදාවට එක්වූයේ 1938 වසරේදීය. Signalman Gunners නාවිකයකු ලෙස සැලකෙන හෙතෙම නාවික හමුදාවේ පහලම ස්ථානයේ සිට ඉහලම ස්ථානය වන නාවික හමුදාපති ධූරය දක්වා උසස් වීමට හැකියාව ලද පුද්ගලයෙකු විය. එසේම හෙතෙම යුධ අත්දැකීම් බහුල එම පරපුරේ අවසන් පුරුක ලෙස සැලකිය හැකිය. මින් පසු නාවික හමුදාපති ධූරය සඳහා සුදුසුකම් ලැබුවේ නිදහසින් පසු අධිකාරියට පත් වූ නිලධාරීන්මය. එහි ප්‍රථමයා බවට පත්වීමට හැකියාව ලැබුනේ රියර් අද්මිරාල් DB ගුණසේකර මහතා හටයි. 1950 වසරේ අධිකාරියට පත් වූ ඔහු ඉඳුරාම බඳවාගැනීම යටතේ උප ලුතිනන් වරයෙකු ලෙස නාවික හමුදාවට බැඳී ඇත. 1983 වසරේදී නාවික හමුදාපති ධූරය තවත් පරම්පරාවකට හිමිවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස රියර් අද්මිරාල් AWH පෙරේරා (ඉඳුරාම බඳවාගැනීමේ නිලධාරි) මහතාගෙන් රියර් අද්මිරාල් AHA ද සිල්වා මහතා (පසුව වයිස් අද්මිරාල් වරයෙකු ලෙස උසස්වීම් ලදි.) වෙත ප්‍රදානය කරන ලදි. 1949 වසරේ ශිෂ්‍යභට නිලධාරි බඳවාගැනීමේ නිලධාරියෙකු වශයෙන් එතුමන් සැලකේ.

1975 වසරේ දෙසැම්බර් 09 වන දින නාවික හමුදාව සිය රිදී ජුබිලිය සමරන ලදි. සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පැවති අති උත්කර්ෂවත් උත්සවයේ දී ගරු ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමන් විසින්, නාවික හමුදාව වෙත ජනාධිපති වර්ණ පුද කරන ලදි. මීට සමගාමීව අධ්‍යක්‍ෂ සංගීත කොමාණ්ඩර් දත්වත්ත මහතා සහ නාවික හමුදා සංස්කෘතික කණ්ඩායමක් ලන්ඩනය, සූරිච්, පැරිස්, බැංකොක් සහ සිංගප්පූරුව යන ස්ථානවල සංස්කෘතික සංදර්ශණ කිහිපයක් පවත්වන ලදි. ඔවුන්ගේ ගමන් පහසුව සලසන ලද්දේ ශ්‍රී ලංකා ජාතික ගුවන් සේවයට අලුතින්ම එක්වූ “Air Lanka” ගුවන් යානයකි.

1981 වර්ශයේදී දෙවන එලිසබත් රැජිණ ශ්‍රී ලංකා සංචාරයක නිරත වූ අතර, නාවික හමුදාව සම්මාන මුරයකින් ඇය වෙත සිය ආචාරය පුද කරන ලදි.

අවිනිශ්චිත කාල සමය

මෙම සියලු සංහිඳියාවන් හමුවේ තවත් අභ්‍යන්තර ගැටුමක පෙර ලකුණු පහළ වෙමින් තිබුණි. යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයිඅප්පා මහතාගේ ඝාතනය එහි ප්‍රථම සංඥාව ලෙස සඳහන් කළ හැකිය. හැත්‍තෑව දශකය පුරාම විටින් විට වාර්ගික අසහනය ඉස්මතුවන සිදුවීම් කිහිපයක් වාර්ථා වූ අතර මහත් විනාශයක පෙරනිමිති එමගින් පිළිබිඹු කරන්නට විය. සන්නද්ධ හමුදාව ඕනෑම තත්වයකට මුහුණදීමේ අභිලාශයෙන් සූදානම් විය. මීට අමතරව ජනාධිපති උපදෙස් අනුව ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ පරිපාලන සේවයේ ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් වූ අතර එය ත්‍රස්ථ ක්‍රියා මැඩලීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීමේ අභිලාෂයෙන් පිහිටුවන ලදි. වවුනියාව, මන්නාරම, මුලතිවු හා ත්‍රිකුණාමලය ආශ්‍රිතව ඇතිවිය හැකි ත්‍රස්ථ ක්‍රියාවන් කළමණාකරනය කිරීමේ යාන්ත්‍රණයක් ලෙස මෙය පිහිටුවන ලද අතර, Joint Services Special Operations Command JSSOC ඒකාබද්ධ සේවා විශේෂ මෙහෙයුම් විධානය ලෙස නම් කරන ලදි. වවුනියාව මූලස්ථානය කරගෙන ක්‍රියාත්මක වූ මෙම ඒකාබද්ධ මෙහෙයුම් විධා‍නයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරි වශයෙන් නාවික හමුදාපතිතුමන් පත්කල අතර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ J බණ්ඩාරගොඩ මහතා එහි දෙවන සම්බන්ධීකරණ නිලධාරි ලෙස පත්විය.

1984 සිට නාවික හමුදාව....

සිවිල් යුද්ධය ආරම්භ වූ 1980 පටන්ම නාවික හමුදාව සිය නාවික නිරීක්ෂණ බලමුළුව ශක්තිමත්ව පවත්වාගෙන යන ලදි. ඒ අනුව වේග ප්‍රහාරක යාත්‍රා සිය නාවික බල ඇණියට වැඩි වශයෙන් එක් කිරීම සිදු කරන ලදි.

ඉතා සාර්ථක ක්‍රියාමාර්ගයක් බවට පත් වූ මෙම කාර්යය මගින් LTTE සංවිධානයට හා සම්බන්ධ මෙහෙයුම් දියත් කිරීමේ හැකියාව ඉතා අවම මට්ටමක පැවතුණි. LTTE මරාගෙන මැරෙන බෝට්ටු නාවික හමුදාවට එරෙහිව විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරමින් තිබූ මෙසමයේ නාවික හමුදාව ද එයට මුහුණ දීමට සිය යාත්‍රාවල තිබූ අවි පද්ධතිය යාවත්කාලීන කරන ලදි. මීට අමතරව දේශීයව නිර්මාණය කරන ලද ජයසාගර නෞකාව මගින් හොර ජාවාරම් මැඩලීමේ කටයුතු සහ නිරීක්ෂණ කටයුතු දිගින් දිගටම සිදු කරන ලදි.

නාවික හමුදා ඉතිහාසයේ සාගරය සහ ගොඩබිම යන ද්විත්වයේම සිදුකළ ප්‍රථම මෙහෙයුම (Amphibious Operation) සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දුන්නේ මෙම වකවානුවෙහිය. යුධ ක්‍රියාකාරකම් ආරම්භයත් සමගම සිය පිරිස් බලයත් නාවික බල ඇණියත් ප්‍රමාණයෙන් විශාල කර ගැනීමට නාවික හමුදාව කටයුතු කරන ලදි. 1980 වර්ෂයේ ආරම්භයත් සමගම ප්‍රථම වරට ගොඩබිම් සටන් ඒකකයක් පිහිටුවන ලදි. මුල් කාලීනව එහි කටයුතු කඳවුරු ආරක්ෂා කිරීමට පමණක් සීමා විය.

එහෙත් එහි ප්‍රමාණාත්මක වර්ධනයත් සමගම ශ්‍රි ලංකා යුධ හමුදාව හා සමගාමීව LTTE සංවිධානයට එරෙහිව සිය මෙහෙයුම් දියත් කිරීමට ඔවුන් සමත් විය. බ්‍රිතාන්‍ය විශේෂ යාත්‍රා සේවයේ ආභාශය ඇතිව 80 දශකය අග භාගයේදී නාවික හමුදා විශේෂ බලකායක් පිහිටවූ අතර එය විශේෂ යාත්‍රා බලඝණය ලෙස නම් කරන ලදි. 1990 මුල් භාගයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා යුධ හමුදාව සමග එක්ව "Sea Breeze" නමින් සමුදුර සහ ගොඩබිම පාදක කරගත් මෙහෙයුමක් සිදු කරන ලදි. එයට වසරකට පසුව බලවේගය නමින් එවැනිම,නමුත් ඊට වඩා විශාල ප්‍රමාණයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදි. මෙම මෙහෙයුම මගින් LTTE ය මුහුදු මාර්ග ඔස්සේ සිදුකරන ලද අවි ජාවාරම සහ අනෙකුත් ක්‍රියාකාරකම් වලට මරු පහරක් එල්ල විය. 1992 වසරේදී නාවික හමුදාපති වශයෙන් කටයුතු කළ අද්මිරාල් WWE ක්ලැන්සි ප්‍රනාන්දු මහතාගේ ඝාතනය සිදුවූයේ ද මෙම කාල සමය තුළයි. මෙම ඝාතනය ක්‍රියාත්මක කරන ලද්දේ LTTE මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසිනි.

1990 අග භාගය වන විට නාවික හමුදාව සිය මුර සංචාරක යාත්‍රා ප්‍රමාණය වර්ධනය කළ අතර එමගින් LTTE ය විසින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ සිදු කරගෙන යනු ලැබූ අවි පරිවහණ කටයුතු සීමා කරන ලදි. 2000 වසර වන විට නාවික හමුදාව සිය නිරීක්‍ෂණ කටයුතු පුළුල් කළ අතර මෙම කටයුතු සදහා අලුතින්ම ලබාගත් ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ මුර යාත්‍රා වල සේවය ලබා ගන්නා ලදි. මීට අමතරව “මිසයිල යාත්‍රා” සිය නැව් පංතියට එක්කර ගනිමින් සිය සම්ප්‍රදායික යුධ ශක්තිය වර්ධනය කරගැනීමටද කටයුතු කරන ලදි.

2006 වසරේ ආරම්භයත් සමග ශ්‍රී ලංකා රජය සහ LTTE සංවිධානය අතර ගැටුම් නැවත උත්සන්න වූ අතර එහිදී ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ LTTE කටයුතු අඩපණ කරමින් නාවික හමුදාව සිය භූමිකාව නියමාකාරයෙන් ප්‍රදර්ශණය කරන ලදි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2006, 2007 සහ 2009 වසර වල ප්‍රධාන පෙලේ මුහුදු සංග්‍රාම කිහිපයක් හටගන්නා ලදි. මෙම සිදුවීම් අතරින් නීති විරෝධී ආකාරයෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට ශ්‍රී ලංකාවට භාණ්ඩ ප්‍රවාහන නෞකා මගින් ගෙන එමින් තිබූ අවි ආයුධ තොගයක් අඩංගු නැව් කිහිපයක් ප්‍රහාරයට ලක්කොට මුහුදුබත් කිරීමට නාවික හමුදාව සමත් විය.

මෙම නාවික හමුදා මෙහෙයුම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඈත මුහුදේ මෙහෙයුම් හැකියාව (Blue Water Capability) ප්‍රදර්ශනය කරන ලදි.

history