මෙහෙයුම්

වර්තමානයේ නාවික මෙහෙයුම් කටයුතු වඩාත් පුළුල් වූ සමුද්‍රීය කටයුතු රාශියක් හා බැදී ඇත. ඒ අතරින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් වපසරියට පහත දෑ අයත් වේ

අවි ජාවාරම් හි සිදුකරනු ලබන වෙනත් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා ගැඔුරු මුහුදු නිරීක්ෂණ මුර යාත්‍රා සේවයේ යෙදවීම.

මීටර් 25 ක දිගින් සහ ටොන් 50 ක ධාරිතාවයකින් යුතු වේග ප්‍රහාරක යාත්‍රා කුඩා ප්‍රමාණයෙහි යුධ යාත්‍රා ලෙස සලකනු ලැබේ. මේවා ඉතා ඉහළ වෙඩි බලයකින් සමන්විත වන අතර නාවික සැතපුම් 45 ක වේගයකින් යාත්‍රා කළ හැකිවේ. සතුරාට එරෙහිව සටන් වලදී ඉතා ඉහළ කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන ලද්දේ මෙම ප්‍රහාරක යාත්‍රාවන්ය.

ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ හා කරෛයිනගර් යන ස්ථාන වල පිහිටි නාවික හමුදා අනු ඛණ්ඩ මෙන්ම කොළඔ හා කන්කසන්තුරේ වරායන්හි තිබූ වෙළද නෞකා වෙත ත්‍රස්ථ ප්‍රහාර එල්ල වීමේ අවධානම ඉහළයාමත් සමගම පැය 24 පුරාම එම වරායන් වෙත ආරක්ෂාව සැලසීමේ නාවික හමුදාව වෙත පැවරුණි. ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර නෞකා සහ වරාය පහසුකම් ආරක්ෂා කිරීමේ (ISPS) බලය ලත් ආයතනය ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි.

මීටර් 14 ක පමණ දිගින් යුත් වෙරළාරක්ෂක මුර යාත්‍රා වෙරළාරක්ෂක මෙහෙයුම් සදහා භාවිතා කරන කුඩා යාත්‍රා විශේෂයක් ලෙස සැලකේ. මෙහි නාවික සැතපුම් 30 කට වැඩි වේගයක් ඇත.

විශේෂ රහසිගත මෙහෙයුම් ක්‍රියාකාරකම් වෙනුවෙන් පුහුණුව ලද නාවිකයන්ගෙන් සැදුම්ලත් බලඝණයක් ලෙස විශේෂ යාත්‍රා බලඝණය නම් කළ හැකිය.

90 දශකය මුල් භාගයේ සිටම යුධ හමුදාවට සහාය වෙමින් ගොඩබිම සහ ජලය යන දෙඅංශයෙන්ම මෙහෙයුම් සදහා දායක වීමට නාවික හමුදාව සමත් වූ අතර ත්‍රස්ථවාදීන්ගෙන් ගොඩබිම් ප්‍රදේශ මුදා ගැනීමට හැකියාව ලැබුණි. මෙම අරමුණු වඩාත් ශක්තිමත් කිරීම පිණිස නාවික සෙබළ අංශය පිහිටුවා උතුරු මැද විධානය ස්ථාපිත කරන ලදි.