උපාය මාර්ගික වැදගත්කම අනුව ක්ෂේත්‍රයන්හි වගකීම් බෙදීයන ආකාරය.

නාවික හමුදා මූලස්ථානය

කොළඔ පිහිටි නාවික හමුදා මූලස්ථානයේ සිට නාවික හමුදාවේ මෙහෙයුම් සහ පරිපාලනමය කටයුතු මෙහෙයවිම සිදු කරනු ලබන්නේ නාවික හමුදාපති තුමන් විසින්ය. මාණ්ඩලික ප්‍රධානී අධ්‍යක්ෂ ‍ජෙනරාල් වරුන් කළමනාකරණ මණ්ඩලයේ (Board Of Management) මෙහෙයුම් මණ්ඩලයේ (Board Of Directors) අධ්‍යක්ෂ ‍වරුන් විසින් නාවික හමුදාපති තුමන්ගේ කාර්යභාරය සඳහා සහය විමට සූදානමින් සිටී. නාවික හමුදාව සතුව විධාන 07 ක් තිබෙන අතර එම විධානයන් අදාළ විධාන භාර අඥාපති වරුන්ගේ පාලනයට නතු වේ.

විධානයන්

පරිපාලනමය සහ පාලනමය පහසුව පිණිස, ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශ සහ සමුද්‍ර අ‍ාශ්‍රිත කලාප ප්‍රධාන නාවික විධාන 07 කට බෙදා වෙන් කර ඇත. සිය නෞකා, යාත්‍රා සහ රථ වාහන වල කාර්යක්ෂම නඩත්තුව සඳහා උදෙසා සහ විධානයේ මෙහෙයුම් සූදානම තහවුරු කිරීම සදහා සෑම විධානයකම වරාය ,කඳවුරු, වැඩ බිම්, සංඥා මධ්‍යස්ථාන, සේවා සැපයුම්, සිවිල් ඉංජිනේරු කටයුතු වෛද්‍ය ආදී පහසුකම් ස්ථාන ගත කර ඇති කළාප වෙන් කිරීම භූගෝලීය සහ සමුද්‍රීය වැදගත්කම අනුව සිදු කර ඇත.

නාවික විධාන 07