ස්වේච්ඡා නාවික හමුදාව

Volunteer Naval Force
Volunteer Naval Force
Volunteer Naval Force
Volunteer Naval Force

ස්වේච්ඡා නාවික හමුදාව

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිවිල් සමාජයෙන් පන්නරය ලත් ප්‍රධාන හස්ථය ලෙස ස්වේච්ඡා නාවික හමුදාව නම් කළ හැකිය. ජාතික අවශ්‍යතාවයන් වලදී හා ව්‍යසනයන්හිදී සිය නාවික පුහුණුවෙන් ලද පන්නරයන් කැටිව සිය විශේෂ ප්‍රාගුණ්‍ය අවශ්‍ය කටයුතු සඳහා යෙදවීම ස්වේච්ඡා නාවික හමුදාවේ ප්‍රධාන කාර්ය භාරයකි.

1991 අප්‍රේල් 02 දින අංක 656/25 දරණ අති විශේෂ ගැසට් නිවේදනයෙන් දක්වා ඇති පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියලු අංශ නියෝජනය වන පරිදි නිලධාරීන් හා නාවිකයින්ගෙන් සම්පන්න හමුදාවක් ලෙස ස්වේච්ඡා නාවික හමුදාව දැක්විය හැකිය.

දැක්ම

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කර ගැනීම පිණිස කැපවීමෙන් කටයුතු කරන, ශ්‍රී ලංකා නාවික හමුදාවට සිය හැකියාවන්ගෙන් සහ පුහුණුවෙන් ලද ආභාශයෙන් එම අරමුණු සාක්‍ෂාත් කරගැනීම සඳහා සහාය වීම.

මෙහෙවර

නාවික හමුදාවේ කාර්යභාරය ඉටුකිරීමෙහිලා කටයුතු කරන ශ්‍රී ලංකා නාවික හමුදාවට විවිධ ක්‍ෂේත්‍රයන් ඔස්සේ ලබා ගත් සිය විශේෂ ප්‍රාගුණ්‍යයෙන් අවශ්‍ය සහාය දැක්වීම.

පුහුණුව

සක්‍රීය සේවයේ යෙදී නොසිටින ස්වේච්ඡා නාවික පුද්ගලයන් මසකට වරක් පවත්වන සති අන්ත පුහුණු කඳවුරු සහ නාවික හමුදාපතිගේ නිරීක්‍ෂණය යටතේ පවත්වන වාර්ෂික පුහුණු කඳවුරු වලට සහභාගී විය යුතුය. සක්‍රීය සේවයේ නොසිටින ස්වේච්ඡා නාවික පුද්ගලයන්ගේ දැනුම සහ හැකියාව යාවත්කාලීන කරනු පිණිස, ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානය මගින් පහත සඳහන් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.
 *   සති අග පුහුණු කඳවුරු - සෑම මසකම තුන්වන සති අන්තයේ
 *   වාර්ෂික පුහුණු කඳවුරු - සෑම වසරකම ජනවාරි මස

ඉතිහාසය

History

ස්වේච්ඡා නාවික හමුදා ඉතිහාසය ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයෙන් වෙනස් නොවේ. මෙහි දී Ceylon Naval Volunteer Force සහ Ceylon Royal Naval Volunteer Reserve වල ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමෙන්, ස්වේච්ඡා නාවික හමුදාවේ ආරම්භය පිළිබ‍‍‍ඳ අදහසක් ලබාගත හැකිය. 1937 සංස්ථාපනය කරන ලද “ස්වේච්ඡා නාවික ආරක්‍ෂක බලකාය” පනත ප්‍රකාරව Ceylon Naval Volunteer Force පිහිටුවන ලදි. කොමාණ්ඩර් WG බ්‍යූචෑම්ප් සහ තවත් නිලධාරීන් 12 දෙනෙකු සහ නාවිකයන් 18 දෙනෙකු එහි ආරම්භක සාමාජිකයන් විය. 1938 සහ 1939 යන වසර වලදී නාවික සංඥා සහ අවි යන අංශ වලට අයත් නාවික කණ්ඩායම් බඳවාගෙන ඔවුනට පුහුණුව ලබා දෙන ලදි.

1939 ජූනි 14 වන දින නව (CNVF) මූලස්ථානය විවෘත කිරීම අමාත්‍ය DS සේනානායක මහතා විසින් සිදු කරන ලදි. 1939 ජනවාරි 11 වන දින CNVF මූලස්ථානය ප්‍රථම වරට කොච්චිකඩේ ප්‍රදේශයේදී ස්ථාපිත කළ අතර, එය සිදුවූයේ දෙවන ලෝක යුද්ධය ආරම්භයට දින දෙකකට පෙර වීමද විශේෂත්වයකි. ත්‍රිකුණාමල සහ කොළඹ වරායන්ගේ ආරක්‍ෂක කටයුතු තර කිරීම පිණිස CNVF යොදවා ගන්නා ලදි. පසුව 1943 ඔක්තෝම්බර් 01 වන දින බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් CNVF සිය භාරයට ලබාගෙන එය Ceylon Royal Naval Volunteer Reserve ලෙස නම් කරන ලදි. මිත්‍ර හමුදා යුධ ජයග්‍රහණය ලබා ගැනීමත් සමගම CRNVR නැවත ලංකා රජයට 1946 වසරේදී භාර කරන ලදි.

මේ අතර RCVF (1950 නාවික හමුදා පනතේ 34 වගන්තිය ප්‍රකාරව) 1952 ඡනවාරි මස 09 වන දින ප්‍රතිස්ථාපනය කරන ලදී.මේ අනුව මෙතෙක් කලක් සක්‍රීය සේවයේ නොයෙදුණු CRN VR නිලධාරින් සහ නාවිකයින් පෙර සඳහන් නාවික හමුදා පනත අනුව Royal Ceylon Volunteer Naval Force ආරම්භය සනිටුහන් කරන ලදී. නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් 1972 මැයි 22 වන දින ලංකාව ඡනරඡයක් බවට පත්වුනි.එයි ප්‍රතිඵලයක් ලෙස RCV NF ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ලෙස නම් කෙරුණි.

නිලධාරින්

History

රාඡ්‍ය හෝ ‍පෞද්ගලික අංශයේ කාන්තා සහ පිරිමි වෘත්තිකයන් ගෙන් නියමිත අධ්‍යාපනික සුදුසුකම් වලින් පොහොසත් අයවලුන් හට අධිකාරියට පත් නිලධාරියෙකු/නිලධාරිනියක ලෙස ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවට සම්බන්ධ විය හැකිය.ඔවුන්ට විධායක,වෛද්‍ය,විදුලි,කාර්මික, විද්‍යුත්,ඉංඡිනේරු සහ තොරතුරු තාක්ෂණ යන අංශයන්ගෙන් ස්වේච්ඡා නාවික හමුදාව සමග සම්බන්ධ විය හැකි අතර සිය සිවිල් වෘත්තියේ නියැලෙමින් හමුදා සේවයට සිය දායකත්වය ලබා දිය හැකිය. එසේම ඔවුන්ගේ සේවය අවශ්‍ය අවස්ථාවන් හිදි ඔවුන් හමුදා රාඡකාරි සඳහා කැඳවනු ඇත. ස්වේච්ඡා නාවික හමුදා සාමාඡිකයින්ට සිය සිවිල් වෘත්තියෙන් සියලුම වරප්‍රසාද භුක්ති විදීමට නීතියෙන් ඉඩකඩ වෙන් වී ඇත.

නාවිකයින්

History

ස්වේච්ඡා නාවික හමුදාවට බැඳීමට කැමැත්තෙන් සිටින නාවිකයන්ට නාවික හමුදාවේ ප්‍රධානතම අංශය ලෙස සැලකෙන යාත්‍රික අංශය වෙත (Seaman branch) ඇතුළු ඕනෑම අංශයකට සම්බන්ධ විය හැකිය.වසර 5ක සේවා කාලය අවසානයේ ඔවුන් නැවත සේවයට බැඳීම සිදු කළ යුතු අතර, සිය අවශ්‍යතාවය පරිදි සක්‍රීය සේවයෙන් මිදී නිවාඩු මත සිටීමට අයදුම් කළ හැකිය. ස්වේච්ඡා නාවික හමුදා පුද්ගලයින්ට නිත්‍ය නාවික හමුදා පුද්ගලයින් හා සමාන වැටුපක් සහ විශ්‍රාම වැටුපක් හිමි වේ.එසේම සක්‍රීය සේවයේ නිරත කාල සීමාව පදනම්ව ඔවුන්ගේ ඡ්‍යෙෂ්ඨතාවය තීරණය වේ.

තවද සිවිල් ඉංඡිනේරු, යාන්ත්‍රික, ඉංඡිනේරු, විදුලි හා ව්ද්‍යුත් හා තොරතුරු තාක්ෂණ යන අංශවලින් මෙන්ම විශේෂ ක්‍රමය යටතේ නාවික හමුදා ස්වේච්ඡා අංශය හා සම්බන්ධ විය හැකි අතර, ඉහත සඳහන් කළ සියලු වරප්‍රසාද හා දීමනාවලට ඔවුන් හිමිකම් ලබයි.

ආඥාපති
ආඥාපති
රියර් අද්මිරාල් එල්එන් හේවාවිතාරණ

ඩබ්ඩබ්වී,ආර්එස්පී, යුඑස්පී, එපීඒ (පීඅයිඑම් - යූඑස්ජේ) , බීඑස්සී (ඩීඑස්) , සාමවිනිසුරු (මුළු දිවයිනටම)
අණදෙන නිලධාරී
අණදෙන නිලධාරී
කොමදෝරු (ස්වේ) එන්පීඡීඑන් වසන්ත

PSV, BA (Gen), JP (Whole Island)

හි‍ටපු ආඥාපතිවරුන්

Rear Admiral SMB Weerasekara
රියර් අද්මිරාල් එස්එම්බී වීරසේකර
(05.04.2011 සිට 22.10.2012 දක්වා)
Rear Admiral AR Amarasinghe
රියර් අද්මිරාල් ඒආර් අමරසිංහ
(17.12.2012 සිට 24.03.2013 දක්වා)
Rear Admiral SS Ranasinghe
රියර් අද්මිරාල් එස්එස් රණසිංහ
(25.03.2013 සිට 23.07.2014 දක්වා)
Rear Admiral PADR Perera
රියර් අද්මිරාල් පීඒඩීආර් පෙරේරා
(24.07.2014 සිට 08.11.2014 දක්වා)
Rear Admiral NKD Nanayakkara
රියර් අද්මිරාල් එන්කේඩී නානයක්කාර
(09.11.2014 සිට 23.06.2015 දක්වා)
Rear Admiral NAN Sarathsena
රියර් අද්මිරාල් එන්ඒඑන් සරත්සේන
(24.06.2015 සිට 30.08.2015 දක්වා)
Rear Admiral SWC Mohotty
රියර් අද්මිරාල් එස්ඩබ්සී මොහොට්ටි
(31.08.2015 සිට 19.10.2015 දක්වා)
Rear Admiral DEC Jayakody
රියර් අද්මිරාල් ඩීඊසී ජයකොඩි
(20.10.2015 සිට 31.12.2015 දක්වා)
Rear Admiral TJL Sinniah
රියර් අද්මිරාල් ටීජේඑල් සින්නයියා
(01.01.2016 සිට 30.05.2016 දක්වා)
Rear Admiral NBJ Rosayro
රියර් අද්මිරාල් එන්බීජේ රොසයිරෝ
(31.05.2016 සිට 04.12.2017 දක්වා)
Rear Admiral NPS Attygalle
රියර් අද්මිරාල් එන්පීඑස් ආටියගල
(05.12.2017 සිට 07.03.2018 දක්වා)
Rear Admiral DNS Ulugetenne
රියර් අද්මිරාල් ඩීඑන්එස් උළුගේතැන්න
((08.03.2018 සිට 06.03.2019 දක්වා)
Rear Admiral WASS Perera
රියර් අද්මිරාල් ඩබ්ඒඑස්එස් පෙරේරා
(11.03.2019 සිට 10.12.2019 දක්වා)
RAdm SA Weerasinghe USP,ndc,MSDS,JP (Whole Island)
රියර් අද්මිරාල් එස්ඒ වීරසිංහ
( 06.12.2019 සිට 18.12.2019 දක්වා)
(22.03.2020 සිට 28.06.2020 දක්වා)
RAdm DNSC Kalubowila RWP***, RSP* , USP,psn,a
රියර් අද්මිරාල් ඩීඑන්එස්සී කලුබෝවිල
( 19.12.2019 සිට 21.03.2020 දක්වා)
RAdm KAS Uthpala RSP**, USP, JP ( Whole Island )
රියර් අද්මිරාල් කේඒඑස් උත්පල
(11.03.2019 සිට 10.12.2019 දක්වා)
RAdm AUC De Silva, RWP,RSP,USP,ndu, psc,MSc,(MS & NSSS)
රියර් අද්මිරාල් ඒයූසී ද සිල්වා
(29.06.2020 සිට 08.09.2020 දක්වා)
( 14.06.2021 සිට 03.01.2022 දක්වා)
RAdm AMS Senevirathne, RWP,RSP, USP
රියර් අද්මිරාල් ඒඑස්එම් සෙනවිරත්න
( 03.01.2022 සිට 04.05.2022 දක්වා)
RAdm TMAA  Tennekoon WWV,RSP, ndu, MSc(MS&NSSS)
රියර් අද්මිරාල් ටීඑම්ඒඒ තෙන්නකෝන්
( 04.05.2022 සිට 11.07.2022 දක්වා)
RAdm HGUD Kumara VSV, USP, psc, MMaritimePol, BSc (DS)
රියර් අද්මිරාල් එච්ජීයුඩි කුමාර
( 09.07.2022 සිට 20.08.2023 දක්වා)
RAdm TSK Perera RSP, USP, ndu, psc, MSc (MS & NSSS)
රියර් අද්මිරාල් ටීඑස්කේ පෙරේරා
( 01.09.2023 සිට 19.02.2024 දක්වා)

හිටපු අණදෙන නිලධාරින්

RAdm GRM De Mel
රියර් අද්මිරාල් ජීආර් ද මැල්
(09.01.1952 සිට 31.01.1954 දක්වා)
Cdr AV Frugtniet
කොමාණ්ඩර් එ්වී‍ ‍ෆග්නියට්
(01.02.1954 සිට 31.08.1957 දක්වා)
Cdr AC Dassanayake
කොමාණ්ඩර් ඒසී දසනායක
(01.09.1957 සිට 31.09.1960 දක්වා)
Capt William Molegoda
කපිතාන් විලියම් මොලේගොඩ
(01.10.1960 සිට 30.09.1965 දක්වා)
Cmde DV Hunter
කොමදෝරු ඩීවී හන්ටර්
(01.10.1965 සිට 31.12.1968 දක්වා)
Capt J De S Wijerathne, JP
කපිතාන් ද එස් විජේරත්න, JP
(01.01.1969 සිට 31.12.1973 දක්වා)
>Capt JM De Costa
කපිතාන් ‍ජේඑම් ද කොස්තා
((01.01.1974 සිට 31.12.1978 දක්වා)
VAdm HA Silva, VSV
වයිස් අද්මිරාල් එච් ඒ සිල්වා, VSV
(01.01.1979 සිට 31.05.1980 දක්වා)
Capt VAJ Mendis, Attorney-at law
කපිතාන් වීඒ‍ජේ මෙන්ඩිස්, Attorney-at law
(01.06.1980 සිට 31.05.1985 දක්වා)
Capt AHT Fernando
කපිතාන් ඒඑච්ටී ප්‍රනාන්දු
(01.06.1985 සිට 31.05.1988 දක්වා)
Capt WPJS Jayasinghe PSV, JP
කපිතාන් ඩබ්පීජේඑස් ජයසිංහ PSV, JP
(01.06.1988 සිට 31.05.1993 දක්වා)
Capt RA Palipane PSV
කපිතාන් ආර්ඒ පැලිපනේ PSV
(01.06.1993 සිට 31.08.1996 දක්වා)
Capt HD Nandasena PSV, AAE FIMI (UK), FIAE(SL)
කපිතාන් එච්ඩී නන්දසේන PSV, AAE FIMI (UK), FIAE(SL)
(01.09.1996 සිට 05.03.1998 දක්වා)
Cmde GES De Silva PSV, FCMA, FCFA, FCMI
කොමදෝරු ජීඊඑස් ද සිල්වා PSV, FCMA, FCFA, FCMI
(06.03.1998 සිට 05.03.2001 දක්වා)
Capt DA Gunawardene PSV, BSc
කපිතාන් ඩීඑ් ගුණවර්ධන PSV, BSc

(06.03.2001 සිට 06.10.2002 දක්වා)
Cmde BH Pushpakumara PSV, AIV, DIV, DIA
කොමදෝරු බීඑච් පුෂ්පකුමාර PSV, AIV, DIV, DIA
(07.10.2002 සිට 06.10.2005 දක්වා)
Cmde V Jayarathne PSV, BA (SL), LLB, Attoney-at Law
කොමදෝරු වී ‍ජයරත්න PSV, BA (SL), LLB, Attoney-at Law
(07.10.2005 සිට 06.10.2008 දක්වා)
Capt A Herathbanda PSV, BCom (Special)
කපිතාන් ඒ හේරත්බංඩා PSV, BCom (Special)
(07.10.2008 සිට 06.10.2011 දක්වා)
Cmde IMP Sarath PSV, BA (Econ), LLB
කොමදෝරු අයිඑම්පී සරත් PSV, BA (Econ), LLB
(07.10.2011 සිට 07.10.2014 දක්වා)
Cmde LM Hadunge PSV, BA (Lanka)
කොමදෝරු එල් හදුන්ගේ PSV, BA (Lanka)

(08.10.2014 සිට 02.02.2016 දක්වා)
Cmde DLT Kannangara PSV, BSc, MBS
කොමදෝරු ඩීඑලිටී කන්නන්ගර PSV, BSc, MBS
(02.03.2016 සිට 10.02.2017 දක්වා)
Cmde WMJ Wijekoon PSV, MA, BA
කොමදෝරු ඩබ්එම්ජේ වි‍ජේකෝන් PSV, MA, BA
(11.02.2017 සිට 10.08.2018 දක්වා)
Cmde KTM Perera PSV, BSc ( Agric )
කොමදෝරු කේටීඑම් පෙරේරා PSV, BSc (Agric)
( 11.08.2018 සිට 19.05.2020 දක්වා)
Cmde JKK Gamage
කොමදෝරු ඡේකේකේ ගමගේ

( 19.05.2022 සිට 17.11.2022 දක්වා)